header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දකුණු පළාතේ ඩෙංගු ව්‍යාප්තිය දැඩි අවදානම් මට්ටමක
Jun 28, 202604:03 PM
දකුණු පළාතේ ඩෙංගු ව්‍යාප්තිය දැඩි අවදානම් මට්ටමක
Mobitel 1278

දකුණු පළාත තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය දැඩි අවදානම් මට්ටමකට ළඟා වෙමින් පවතින බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එම්.ජී.එස්. පණ්ඩිතරත්න මහතා පවසයි.

ජනවාරි මාසයේ සිට මේ දක්වා ගත වූ මාස 06 තුළ පමණක් දකුණු පළාතෙන් ඩෙංගු රෝගීන් 7,969 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් රෝගීන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සෞඛ්‍ය අංශ විසින් සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ දකුණු පළාතේ නිවාස 100ක් පරීක්ෂා කළහොත් ඉන් නිවාස 20කම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවතින බවය.

මෙම තත්ත්වය හමුවේ දකුණු පළාතේ ග්‍රාම නිලධාරි වසම් 50කට වැඩි සංඛ්‍යාවක් ඩෙංගු අධි-අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර, විශේෂයෙන්ම වෙරළ කලාපයේ සිට කිලෝමීටර් 10ක පමණ සීමාව තුළ රෝග ව්‍යාප්තිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙන්නේ ජන ඝනත්වය අධික වීම සහ ජනතාව විසින් අක්‍රමවත් අයුරින් කසළ බැහැර කිරීම මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇති බවය.

දකුණු පළාතේ දිස්ත්‍රික්ක අතුරින් ඩෙංගු රෝගයේ වැඩිම වර්ධනයක් සහ වැඩිම බලපෑමක් පෙන්නුම් කරන්නේ මාතර දිස්ත්‍රික්කයෙනි.

ඒ අනුව සමස්ත රෝගීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්, එනම් රෝගීන් 3,573 දෙනෙකුම වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් වේ.

මෙයින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ මාතර නාගරික බල ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 909කි.

මීට අමතරව වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගීන් 430 දෙනෙකු සහ දෙවිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගීන් 410 දෙනෙකු වාර්තා වී ඇත.

මාතරට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ඩෙංගු රෝගීන් 2,925 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් 373දෙනෙකු ගාල්ල මහනගර සභා බල ප්‍රදේශයෙන් ද, තවත් රෝගීන් 314 දෙනෙකු බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් ද වාර්තා වී තිබේ.

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1,471ක් වන අතර, ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට වේ.

ඒ අනුව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගීන් 334ක් සහ කටුවන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගීන් 206ක් වාර්තා වී ඇත.

මෙම උවදුරෙන් දකුණු පළාතේ ජන ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා සෞඛ්‍ය අංශ මගින් ඩෙංගු මර්ධන වැඩසටහන් ගණනාවක් මේ වන විටත් දියත් කර තිබේ.

කෙසේවෙතත් පවතින අනතුරුදායක තත්ත්වය පාලනය කිරීමට නම් දැනට සියයට 20ක්ව පවතින මදුරු කීටයන් සහිත නිවාස ප්‍රතිශතය, සියයට 05ක් දක්වා අඩු කරගත යුතු බව වෛද්‍ය පණ්ඩිතරත්න මහතා අවධාරණය කළේය.

MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana