header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සම ගැන අධිකරණයෙන් තීරණයක්
Jun 22, 202601:03 PM
ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සම ගැන අධිකරණයෙන් තීරණයක්
Mobitel 1278

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වීමෙන් අනතුරුව ආනන්ද විජේපාල මහතා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කරන බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන්න ලෙස ඉල්ලා මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ සම්පත් විජේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම සලකා බලා තිබේ.

ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන්ද කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරමින් සිටියදී රාජ්‍ය සේවයේ තනතුරක් දැරීම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසුකමක් බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් මීට පෙර අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

එම රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතුකළ නීතිපතිවරයා අදාල පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් ජනාධිපතිවරයා නම්කර නොමැති නිසාත් වග උත්තරකාර අමාත්‍යවරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කළද ඔහු රජයෙන් කිසිදු වැටුපක් ලබාගෙන නොමැති නිසාත් එම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවට කරුණු දක්වා තිබුණි.

ඉන් අනතුරුව එම මූලික විරෝධතා පිළිගත් අභියාචනාධිකරණය ආනන්ද විජේපාල අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ඉකුත් වසරේ තීන්දු කර තිබුණා.

ඉන් අනතුරුව පෙත්සම්කාර රේණුක පෙරේරා මහතා විසින් එම අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළා.

එම පෙත්සම අද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර රේණුක පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විශ්ව විමුක්ති මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වන පුද්ගලයකුට රාජ්‍ය තනතුරක් දැරීමට කිසිදු නීතිමය සුදුසුකමක් නොමැති බව පෙන්වා දුන්නා.

එහෙත් වගඋත්තරකාර ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන අතරවාරයේ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන්ද පත් කර තිබෙන බව පෙන්වා දුන් නීතිඥවරයා එය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව නුසුදුසුකමක් බවත් තර්ක කර තිබේ.

එහෙත් වග උත්තරකාර ආනන්ද විජේපාල අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කළ තර්කය තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

රජයේ සේවකයකු වශයෙන් පිළිගැනීමට නම් යම් පුද්ගලයෙකු රජයෙන් කිසියම් ගෙවීමක්, වැටුපක් ලබා තිබිය යුතු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ආනන්ද විජේපාල මහතා කිසිදු අවස්ථාවක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් රජයෙන් වැටුපක් ලබාගෙන නොමැති බවත් පවසා ඇත.

ඔහු ඉටුකර තිබෙන්නේ ගරු සේවයක් බවත් රජයෙන් කිසිදු වැටුපක් ලබාගෙන නොමැති නිසා ඔහු නීතිය ඉදිරියේ රාජ්‍ය සේවකයෙකු ලෙස පිළිගත නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා තර්ක කර ඇත.

එම නිසා ආනන්ද විජේපාල මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට කිසිදු ආකාරයක නුසුදුසුකමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව උද්ගත නොවන බවත් ජනාධිපති නීතිඥ අලගරත්නම් මහතා ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජීව පෙරේරා මහතා අධිකරණය හමුවේ කරනු දක්වමින් රාජ්‍ය සේවකයෙකු වීම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසුකමක් වන්නේ ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී එම තනතුර දරනු ලැබූවොත් පමණක් බව සඳහන් කර තිබේ.

එහෙත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේ කිසිදු රාජ්‍ය තනතුරක් දරා නොමැති බවත් ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් හෝ නුසුදුසුකමක් නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළේ මෙම අභියාචනය සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට අධිකරණය තීරණය කරන බවයි.

ඒ අනුව, මෙම අභියාචනය නොවැම්බර් මස 03 වනදා විභාගයට ගන්නා බවත් එම තීන්දුවේ සඳහන් වුණි.

MostRead
Mobitel 1278
VideoStories
 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..