හොර සිංහල බෙහෙත් කඩෙන් පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය බෙදූ මුදලාලි මාට්ටු 

හොර සිංහල බෙහෙත් කඩෙන් පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය බෙදූ මුදලාලි මාට්ටු 

June 9, 2026   12:53 pm

පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරීමට සුදානම් කර තිබූ ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ බලපත්‍රයක් නොමැතිව නුවරඑළිය පැරණි කඩ වීදියේ වෙළෙඳසැලක පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මෙම මත්ද්‍රව්‍ය 

අලෙවි කිරීමට සුදානමින් තිබූ මදන මෝදක ගුලි 3,755ක් සමඟ අදාළ සැකකරු නුවරඑළිය පොලීසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (08) පස්වරුවේ මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, මොහු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ බලපත්‍රයක් නොමැතිව අදාළ වෙළෙඳසැල පවත්වා ගනිමින් මෙම මත්ද්‍රව්‍ය අලෙවි කර ඇතැයි අනාවරණය වී තිබේ. 

අදාළ වෙළෙඳසැලට නිරන්තරයෙන් මදන මෝදක ගුලි ලබාගැනීමට තරුණ පිරිස් යොමුවන බවට ලද තොරතුරුක් මත අදාළ වැටලීම සිදුකර තිබුණි. 

අත්අඩංගුවට ගත් සැකකරු සහ මදන මෝදක ගුලි තොගය නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.