රු.කෝටි 3.5ක කොල්ලයට බැංකුවේ සහකාර කළමනාකරුවෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

රු.කෝටි 3.5ක කොල්ලයට බැංකුවේ සහකාර කළමනාකරුවෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

June 5, 2026   12:29 pm

හොරණ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ සහකාර කළමනාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 3 වනදා දහවල් 2:55ට පමණ බැංකු සේවකයෙකු, බැංකුවේ පිටුපස දොරින් අත් දෙකට මුදල් මලු දෙකක් රැගෙන යන අවස්ථාවේ පුද්ගලයෙකු පැමිණ මෙම මුදල් මලු දෙක බලහත්කාරයෙන් කොල්ලකා පලා ගොස් තිබුණි.

එම මුදල් අදාළ බැංකුවේ ATM යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා රැගෙන ගිය රුපියල් කෝටි 3.5ක මුදලකි.