header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවලට ඉදිරි දින තුන සඳහා නිවේදනයක්
May 19, 202604:46 PM
බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවලට ඉදිරි දින තුන සඳහා නිවේදනයක්
Mobitel 1278

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ අරාබි මුහුද සඳහා ඉදිරි දින තුන සඳහා අනාවැකි පල කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ සුළඟේ වේගය පැ.කි.මි (40-50), විටින් විට පැ.කි.මි 60 දක්වා මෙම මුහුදු ප්‍රදේශ රළු වන බවය.

මේ අතර, ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කර තිබේ.

ඒ අනුව, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

එමෙන්ම දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දැනුම් දී තිබේ.

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන බව සඳහන් වේ.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) පමණ දක්වා ඉහළ යා හැකි බව දැනුම් දී තිබේ.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවද සඳහන් වේ.

එමෙන්ම දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැකි බව දැනුම් දී තිබෙ.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

මේ අතර ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය අද (19) සවස 4ට නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවය.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව දැනුම් දී ඇත.

ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiq7GmtxuP-SS9l_hN9ncgocXAyZF45LdbneSjMkwLDW-Hh86Komh2Mnyy41futql3X3pgLqDE8i8LZt1A3kXOQVa97yVf7ck-Q_MrBxEDP88xEX7gbFFhLshV3AFPPt3xMtVEMYWLCGrQl9SKTvOJu4MRGgqeDsVvu9O8lnNaQ2jLAJxJFd_UNONSRreix/s1600/d.jpg

MostRead
Mobitel 1278
VideoStories
 ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

 2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

 අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

 CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

 බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට තද වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට තද වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

 පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

 හම්බන්තොට වරායට අකුණු සැර වැදුනු මොහොතේ දර්ශන පෙළක් එළියට...

හම්බන්තොට වරායට අකුණු සැර වැදුනු මොහොතේ දර්ශන පෙළක් එළියට...

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්