හජ් උත්සවය මැයි 28 - කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි
May 17, 2026 08:12 pm
මෙවර හජ් උත්සවය මැයි මස 28 වනදා සැමරීමට නියමිත බව කොළඹ මහ පල්ලිය නිල වශයෙන් නිවේදනය කර ඇත.
ඉස්ලාමීය චන්ද්ර දින දර්ශනයේ 12 වන සහ අවසාන මාසය වන 'දුල් හජ්' මාසය සඳහා වන නව සඳ අද දින ශ්රී ලංකාවේ කිසිදු ප්රදේශයකට දර්ශනය වී නොමැති බව කොළඹ මහ පල්ලිය සහ නව සඳ බැලීමේ කමිටුව තහවුරු කළේය.
ඒ අනුව, නව මාසයේ ආරම්භය හෙවත් දුල් හජ් මාසයේ පළමු දිනය මැයි මස 19 වනදා ලෙස සලකනු ලබන අතර, ඒ අනුව මැයි මස 28 වනදා හජ් උත්සවය සැමරීමට තීරණය කර තිබේ.
