header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
හඳේ චාරිකාවේ වැසිකිළි ගැටලුවක්
Apr 06, 202610:41 PM
හඳේ චාරිකාවේ වැසිකිළි ගැටලුවක්
Mobitel 1278

නාසා ආයතනය ඉතිහාසයේ ප්‍රථම වතාවට මිනිසුන්ව විශ්වයේ ගැඹුරුතම ප්‍රදේශයකට රැගෙන යාමට සූදානම් වුවද, ඔරියන් (Orion) අභ්‍යවකාශ යානයේ ඇති එක් තාක්ෂණික මෙවලමක් තවමත් නිසි ලෙස ක්‍රියා නොකිරීම බලවත් ගැටලුවක් වී තිබේ. ඒ එම යානයේ ඇති වැසිකිළි පද්ධතියයි.

පසුගිය බදාදා පෘථිවියෙන් පිටත් වූ ආටිමිස් II මෙහෙයුමට එක්ව සිටින ගගනගාමීන් සිව්දෙනා, තම යානය තුළ ඇති වැසිකිළියේ වරින් වර ඇතිවන දෝෂ කිහිපයකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය සෙනසුරාදා වන විට, යානයේ අපද්‍රව්‍ය පිටතට බැහැර කරන නලය ශීතල වීම හේතුවෙන් අපද්‍රව්‍ය සිරවී ඇති බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබේ.

මේ නිසා වැසිකිළිය භාවිත කිරීමට බාධා මතු වූ අතර, ගගනගාමීන්ට විකල්ප ක්‍රමයක් ලෙස ප්ලාස්ටික් බඳුන් භාවිත කිරීමට උපදෙස් දී තිබුණි.

මෙම අවහිරතාවය ඉවත් කිරීම සඳහා ගගනගාමීන් විසින් යානයේ එම නාලිකාව සූර්යයා දෙසට යොමු කර රත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

ඉංජිනේරුවන් පවසන්නේ එහි රැඳී ඇති අයිස් දිය කිරීමට හීටර් (Heaters) ද භාවිත කරන බවය.

වැසිකිළිය දැනට ක්‍රියාත්මක වුවද, අවශ්‍ය වුවහොත් භාවිත කිරීම සඳහා සුදුසු (Backup) උපකරණ සූදානම් කර තබා ඇති බව සඳහන් වේ.

නාසා ගගනගාමීන් වන රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ කැනේඩියානු ගගනගාමී ජෙරමි හැන්සන් යන සිව්දෙනා දැනට දින 10 ක මෙම ඓතිහාසික මෙහෙයුමේ පස්වන දිනය පසු කරමින් සිටියි.

ඔවුන් ගමන් කරන්නේ මීටර් 5 ක් පළල සහ මීටර් 3 ක් උසැති ඉතා කුඩා ඉඩකඩක් සහිත යානයකය.

මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙහෙයුම් විශේෂඥ ක්‍රිස්ටිනා කොක් විහිළුවට මෙන් පවසා සිටියේ තමා "අභ්‍යවකාශ ජලනල කාර්මිකයෙකු" (Space plumber) ලෙස හැඳින්වීමට ආඩම්බර වන බවය.

මෙම වැසිකිළි ගැටලුව මධ්‍යයේ වුවද, යානයේ ගමන් මගට ඉන් බාධාවක් වී නොමැත. 1972 වසරෙන් පසු මිනිසුන් පෘථිවි කක්ෂයෙන් පිටතට ගිය පළමු අවස්ථාව මෙයයි.

මෙම කණ්ඩායම සඳ මත ගොඩ නොබසින නමුත්, සඳ වටා ගමන් කරමින් අනාගතයේදී සිදුවන සඳ මත මිනිසුන් ගොඩබැස්වීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදු කරනු ඇත.

නාසා ප්‍රධානී ජැරඩ් අයිසැක්මන් පවසන්නේ, "අපට අභ්‍යවකාශයේදී ඉතා සුවිශේෂී දේවල් කළ හැකි වුවත්, වැසිකිළි පද්ධතියක් නිසි ලෙස සකස් කිරීම තවමත් අප නිසි ලෙස ප්‍රගුණ කළ යුතු අභියෝගයක්" බවය.

MostRead
Mobitel 1278
VideoStories
 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

පනත් එපා කියා ජන අරගලය අද වටරවුම වටලයි

පනත් එපා කියා ජන අරගලය අද වටරවුම වටලයි

කළු ජූලිය ගැන පූර්ණ අධ්‍යනයකට විශේෂ කාරක සභාවක්

කළු ජූලිය ගැන පූර්ණ අධ්‍යනයකට විශේෂ කාරක සභාවක්

විපක්ෂයේ විරෝධයෙන් මැතිසබය රත්වෙයි

විපක්ෂයේ විරෝධයෙන් මැතිසබය රත්වෙයි

"ආණ්ඩුව කුමන සුරංගනා කතා කිව්වත් ආර්ථිකය කඩා වැටිලා"

"ආණ්ඩුව කුමන සුරංගනා කතා කිව්වත් ආර්ථිකය කඩා වැටිලා"

චයිනීස් එළවළු මිලත් උඩයයි

චයිනීස් එළවළු මිලත් උඩයයි

බෝතල් ගාස්තුවෙන් අරක්කු මිල නගීහිස් බෝතලයක් රු.160කින් වැඩිවෙයි

බෝතල් ගාස්තුවෙන් අරක්කු මිල නගීහිස් බෝතලයක් රු.160කින් වැඩිවෙයි

මැදපෙරදිග අර්බුදයෙන් ආර්ථිකය අවදානමක ඉන්ධන - ආහාර - කෘෂිකර්මයට දැඩි බලපෑම්

මැදපෙරදිග අර්බුදයෙන් ආර්ථිකය අවදානමක ඉන්ධන - ආහාර - කෘෂිකර්මයට දැඩි බලපෑම්

 පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

 2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්