නුදුරේදීම සංවිධානාත්මක අපරාධකරුවන්ටම පමණක් වෙන් වූ ප්‍රබල නීතියක්
March 31, 2026 12:10 pm
තව සති දෙකක් ඇතුලත සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් පමණක්ම ක්‍රියාත්මක වන පරිදි සැකසූ ඉතාම ප්‍රබල නීති සහිත නව පනතක් ගෙන එනු ලබන බව මධ්‍යම අපරාධ විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ මැඬලීම යන කරුණු සම්බන්ධයෙන් අද දෙරණ "BIG FOCUS" වැඩසටහන සමඟ අදහස් දක්වමින් මධ්‍යම අපරාධ විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා මේ බව පැවසීය.
එහිදී ඒ මහතා පැවසුවේ එම නව පනතින් ක්‍රියාත්මකවන නීති මගින් වැරදිකරුවන් බවට සනාථ වී බන්ධනාගාර ගතකර සිටින සංවිධානාත්මක අපරාධකරුවන් නැවත් පොලිස් භාරයට ගෙන විමර්ශන සිදුකිරීමට හැකියාවක් ලැබෙන බවය.
"නීතියේ හිඩැස් නං මේක වසන්කරලා හංගලා බැහැ. අදටත් මේ සම්බන්ධව මේ පුද්ගලයින්ට අපි රඳවා තබා ගන්නේ ත්‍රස්තවාදී සම්බන්ධව තිබෙන පනතින්. මේ සම්බන්ධයෙන් තව සති දෙකක් තුළ ඉතාම ප්‍රබල නීතියක් එනවා. සංවිධානාත්මක අපරාධකාරයින්ටම වෙන් වුණ නීතියක්. ඉතාම ප්‍රබල නීතියක්. අපි අපරාධකාරයෝ වැරදිකාරයෝ කරලා, ඇතුලේ ඉන්නවා වැරදිකාරයේ කරලා ප්‍රබල නම් තියෙන අය. මිනිස්සු බොරුවට බය වෙන නම් තියෙන මිනිස්සු ඉන්නවා. නමුත් ඒ මිනිස්සු නැවත කරන අපරාධවලට, බන්ධනාගාරයෙන් එළියට අරගෙන පොලිස් බාරයේ තබාගෙන විමර්ශනය කිරීමේ හැකියාව ඒ පනතින් එනවා. කාටවත් අතුලට වෙලා එහෙම කරන්න බෑ. තව තව දේවල් තියෙනවා. විදේශ රටවල ඉන්වා නම් ඒ අයගේ දේපොළ සම්පූර්ණයෙන් තහනමට ගන්න දැනටමත් තියෙනවා ඒ නීතිය. නීතිවිරෝධී ලෙස හම්බකරන දේපොළ යටතේ පසුගිය කාලේ අපි රාජසන්තක කළ දේපොළ. බිලියන ගණන් දේපොළ අපි රාජසන්තක කරලා තියෙනවා."
