මෙරට ඉරාන තානාපති සහ හිටපු ජනපති මෛත්‍රීපාල අතර හමුවක්

මෙරට ඉරාන තානාපති සහ හිටපු ජනපති මෛත්‍රීපාල අතර හමුවක්

March 26, 2026   12:12 pm

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඊයේ (25) ඉරාන තානාපති කාර්යාලයේ දී මෙම හමුව සිදු වූ බව සඳහන් වේ.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සම්බන්ධයෙන්ම මෙන්ම, ඉරාන සහ ශ්‍රී ලංකාව අතර පවතින සුහදත්ව වර්ධනය කරගැනීම සඳහා මෙම හමුව පවත්වා තිබූ බව වාර්තා විය.