2024 ශිෂ්‍යත්ව පේපරේ සිද්ධියට NIE හිටපු අධ්‍යක්ෂකට චෝදනා පත්‍ර භාරදෙයි
March 26, 2026 01:59 pm
2024 වසරේ පැවැති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න 3ක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් අධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් කළේ යැයි චෝදනා ලබා සිටින ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට අද (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාරදෙනු ලැබීය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම චෝදනා පත්‍ර භාරදීම සිදු වුණි.
