නීතිවිරෝධීව ඉන්ධන රැස්කරන ස්ථාන වටලන්න වටගලගෙන් උපදෙස්
March 26, 2026 02:12 pm
නීතිවිරෝධී අයුරින් ඉන්ධන රැස්කර ඇති ස්ථාන කොන්දේසි විරහිතව වටලන ලෙසට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පොලීසියට උපදෙස් ලබාදී තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, තිඹිරිගස්යාය ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමට එක්වෙමිනි.
රට තුළ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවත් ජනාධිපතිවරයාගේ සිට සෑම කෙනෙකුම එම ආදර්ශය ලබාදී ඇති බවත් ඔහු වැඩිදුරටත් කීය.
