header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
Meta සමාගමට ඩොලර් මිලියන 375ක දඩයක්
Mar 25, 202602:30 PM
Meta සමාගමට ඩොලර් මිලියන 375ක දඩයක්
Mobitel 1278

ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සිය පරිශීලකයින් නොමඟ යැවීම හේතුවෙන් Facebookසහ Instagram හිමිකාරීත්වය දරන Meta සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 375 ක වන්දියක් ගෙවන ලෙස අමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණයක් නියෝග කර තිබේ.

Meta සමාගමට අයත් වේදිකාවන් හරහා ළමුන් අනතුරට පත් කිරීම, ලිංගිකමය වශයෙන් පැහැදිලි දර්ශනවලට ඔවුන් නිරාවරණය කිරීම සහ ලිංගික අපරාධකරුවන් සමඟ සම්බන්ධ වීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් එම සමාගම වගකිව යුතු බව ජූරි සභාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිව් මෙක්සිකෝවේ නීතිපතිවරයා පවසා ඇත්තේ, මෙය "ඓතිහාසික" ජයග්‍රහණයක් බවත්, ළමා ආරක්ෂණ ගැටලු සම්බන්ධයෙන් ප්‍රාන්තයක් විසින් මෙටා සමාගමට එරෙහිව නඩු පවරා සාර්ථක වූ පළමු අවස්ථාව මෙය බවත්ය.

සති හතක් පුරා පැවති නඩු විභාගයේදී, මෙටා සමාගමේ අභ්‍යන්තර ලේඛන සහ හිටපු සේවකයින්ගේ සාක්ෂි ඉදිරිපත් කර තිබේ.

සමාගමේ හිටපු ඉංජිනේරු ප්‍රධානියෙකු වූ ආටුරෝ බෙජාර් සාක්ෂි දෙමින් පවසා ඇත්තේ, බාල වයස්කාර පරිශීලකයින්ට ලිංගිකමය අන්තර්ගතයන් නිර්දේශ වන ආකාරය තමා සිදුකළ පරීක්ෂණවලින් තහවුරු වූ බවය.

ඔහුගේම කුඩා දියණියට පවා ඉන්ස්ටග්‍රෑම් හරහා නන්නාඳුනන පුද්ගලයෙකුගෙන් ලිංගික යෝජනාවක් ඉදිරිපත් වූ බව ඔහු අනාවරණය කර ඇත.

අභ්‍යන්තර පර්යේෂණවලට අනුව, එක් සතියක් තුළ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින්ගෙන් 16% ක් තමන්ට අනවශ්‍ය නිරුවත් දර්ශන හෝ ලිංගික ක්‍රියාකාරකම් දර්ශනය වූ බව වාර්තා කර ඇත.

මාර්ක් සකර්බර්ග්ගේ නායකත්වයෙන් යුත් මෙටා සමාගම මෙම තීන්දුවට එකඟ නොවන බවත්, ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කර ඇත. "අපි අපේ වේදිකාවන් තුළ මිනිසුන් ආරක්ෂා කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරනවා," යැයි සමාගමේ ප්‍රකාශිකාවක් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය කාලය තුළ ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 'Teen Accounts' වැනි නව විශේෂාංග හඳුන්වා දුන් බව ද සමාගම පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, නිව් මෙක්සිකෝ ප්‍රාන්තය චෝදනා කළේ මෙටා සමාගමේ 'ඇල්ගොරිදම' (Algorithms) හරහා ළමුන්ව ලිංගික දර්ශන සහ ලිංගික ජාවාරම්කරුවන් වෙත යොමු කරන බවය.

මෙම ඩොලර් මිලියන 375 ක දඩය නියම කර ඇත්තේ නිව් මෙක්සිකෝවේ අසාධාරණ වෙළෙඳ පිළිවෙත් පනත උල්ලංඝනය කිරීමේ අවස්ථා දහස් ගණනක් සැලකිල්ලට ගනිමින්, එක් උල්ලංඝනයකට උපරිම ඩොලර් 5,000 බැගිනි.


MostRead
Mobitel 1278
VideoStories
 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

පනත් එපා කියා ජන අරගලය අද වටරවුම වටලයි

පනත් එපා කියා ජන අරගලය අද වටරවුම වටලයි

කළු ජූලිය ගැන පූර්ණ අධ්‍යනයකට විශේෂ කාරක සභාවක්

කළු ජූලිය ගැන පූර්ණ අධ්‍යනයකට විශේෂ කාරක සභාවක්

විපක්ෂයේ විරෝධයෙන් මැතිසබය රත්වෙයි

විපක්ෂයේ විරෝධයෙන් මැතිසබය රත්වෙයි

"ආණ්ඩුව කුමන සුරංගනා කතා කිව්වත් ආර්ථිකය කඩා වැටිලා"

"ආණ්ඩුව කුමන සුරංගනා කතා කිව්වත් ආර්ථිකය කඩා වැටිලා"

චයිනීස් එළවළු මිලත් උඩයයි

චයිනීස් එළවළු මිලත් උඩයයි

බෝතල් ගාස්තුවෙන් අරක්කු මිල නගීහිස් බෝතලයක් රු.160කින් වැඩිවෙයි

බෝතල් ගාස්තුවෙන් අරක්කු මිල නගීහිස් බෝතලයක් රු.160කින් වැඩිවෙයි

මැදපෙරදිග අර්බුදයෙන් ආර්ථිකය අවදානමක ඉන්ධන - ආහාර - කෘෂිකර්මයට දැඩි බලපෑම්

මැදපෙරදිග අර්බුදයෙන් ආර්ථිකය අවදානමක ඉන්ධන - ආහාර - කෘෂිකර්මයට දැඩි බලපෑම්

 පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

 2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්