යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
March 19, 2026 06:15 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (19) දින 20ක් ගතවී තිබේ.
Update - 1.52PM
ඊශ්‍රායලය විසින් ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලාරිජානි ඝාතනය කිරීම චීනය දැඩි ලෙස විවේචනය කර ඇති අතර ඔහුගේ ඝාතනය පිළිගත නොහැකි බව චීනය පවසයි.
------------------------
Update - 1.43PM
කුවේට් රාජ්‍යයේ මිනා අල්-අහ්මදී (Mina Al-Ahmadi) තෙල් පිරිපහදුවට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු හටගත් ගින්න සාර්ථකව පාලනය කර ඇති බව වාර්තා වේ.
-----------------------
Update - 1.42PM
තමන්ට එල්ල වූ ප්‍රහාරවලට සහාය දුන් බවට චෝදනා කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වන්දි ලබා දෙන ලෙස ඉරානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත.
----------------------
Update - 1.17PM
ඉරාකයේ ක්‍රියාත්මක වන, ඉරානයේ සහාය ලබන PMF (Popular Mobilisation Forces) සන්නද්ධ කණ්ඩායමට ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
----------------------
Update - 1.13PM
මැදපෙරදිග බලශක්ති මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ගෑස් මිල 20% කින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
---------------------------
Update - 1.12PM
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලයේ පුද්ගලයින් 170කට වැඩි පිරිසකට තුවාල සිදු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
--------------------
Update - 1.05PM
කුවේට් නගරයට දකුණින් පිහිටි මිනා අල්-අහ්මදී (Mina al-Ahmadi) තෙල් පිරිපහදුවට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එහි ගින්නක් හටගෙන තිබේ.
-------------------
Update - 12.50PM
සෞදි අරාබියේ රියාද් නුවරදී බදාදා පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් පසු රටවල් 12ක විදේශ අමාත්‍යවරුන් එක්ව ඉරානයෙන් විශේෂ ඉල්ලීමක් ලෙස ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙස ඉල්ලා තිබේ.
ලෝක වෙළඳාමට ඉතා වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය සහ බාබ් අල්-මන්දෙබ් යන මුහුදු මාර්ග අවහිර නොකරන ලෙසත්, නාවික කටයුතුවලට තර්ජනයක් නොවන ලෙසත් ඔවුහු ඉරානයෙන් ඉල්ලීම් සිදුකර ඇති බව සඳහන් වෙයි.
------------------------
Update - 12.36PM
ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඩ්හි ගුවන්තොටුපොළ අසල පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට ඩ්‍රෝන යානා මගින් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
---------------------
Update - 12.00PM
ඉරානයේ දොරුද් (Dorud) ප්‍රදේශයේ ජනාවාස ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර 116 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වෙයි.
-----------------------
Update - 11.50AM
පොලිස් නිලධාරීන් මරා දැමීම සහ අමෙරිකාවට හා ඊශ්‍රායලයට පක්ෂව කටයුතු කිරීම යන චෝදනා මත ඉරාන රජය විසින් පුද්ගලයින් තිදෙනෙකුට මරණ දඬුවම ලබා දී ඇත.
-------------------------
Update - 10.00AM
මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් 30 වනදා දක්වා ඩුබායි සහ රියාද් වෙත ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන් අවලංගු කිරීමට Cathay Pacific ගුවන් සේවය පියවර ගෙන ඇත.
තම මගීන්ගේ ආරක්ෂාව ප්‍රමුඛතම වගකීම බව පෙන්වා දෙන එම ගුවන් සේවය, ඉදිරි දින කිහිපය තුළ ගුවන් ගමන් කාලසටහන්වල තවත් වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය විය හැකි බවටද අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
---------------------
Update - 9.45AM
පර්සියානු ගල්ෆ් කලාපයේ යාත්‍රා කරමින් තිබූ තවත් නෞකාවකට හඳුනා නොගත් මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් ආයතනය 'UKMTO' වාර්තා කරයි.
මෙම ප්‍රහාරයෙන් නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයට කිසිදු හානියක් සිදුව නොමැති අතර ඔවුන් සියලුදෙනා ආරක්ෂිතව පසුවන බව එම ආයතනය වැඩිදුරටත් තහවුරු කළේය.
--------------------
Update - 9.15AM
ලොව විශාලතම ස්වභාවික වායු නිධියක් වන ඉරානයේ සවුත් පාර්ස් බලශක්ති බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර මාලාවත් සමඟ ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල 4% කින් ඉහළ ගොස් තිබේ.
------------------
Update - 8.45AM
ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 200 කට වඩා වැඩි මුදලක් අනුමත කරන ලෙස අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනය ධවල මන්දිරයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
-------------------
Update - 8.20AM
කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් කාර්මික කලාපයේ මිසයිල ප්‍රහාර හේතුවෙන් හටගත් සියලුම ගිනි ගැනීම් සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සිවිල් ආරක්ෂක කණ්ඩායම් සමත් වී ඇති බව කටාර් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙම ප්‍රහාරවලින් කිසිදු පුද්ගල මරණයක් හෝ තුවාල ලැබීමක් වාර්තා වී නොමැති බවය.
-------------------
Update - 8.00AM
ඉරානයේ සවුත් පාර්ස් ස්වභාවික වායු නිධියට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය විවේචනය කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
පර්සියානු ගල්ෆ් කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර මාලාවට මූලික හේතුව වූයේ ඊශ්‍රායලයේ මෙම ක්‍රියාව බව ඔහු පෙන්වා දෙයි.
තම Truth Social සමාජ මාධ්‍ය ජාලය හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රම්ප්මේ බව සඳහන් කර තිබේ.
---------------------
Update - 7.45AM
සෞදි අරාබියේ අගනුවර පිහිටි තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පසු, අවශ්‍ය වුවහොත් ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට අයිතියක් ඇති බව සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු පවසයි.
රියාද් නුවර පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ ඔහු පවසා ඇත්තේ, ඉරානය සිය වැරදි තක්සේරු කිරීම් පිළිබඳව නැවත සමාලෝචනය කළ යුතු බවත්, මෙවැනි ප්‍රහාර මගින් ටෙහෙරානයට කිසිදු වාසියක් අත්නොවන බවත්ය.
-------------------
Update - 7.30AM
සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර තහනම් කළ යුතු බව ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රෝන් ප්‍රකාශ කර තිබේ.
ඉරානයේ සහ කටාර්හි ගෑස් නිෂ්පාදන ප්‍රදේශවලට එල්ල වු ප්‍රහාරවලින් අනතුරුව ප්‍රංශ ජනාධිපතිවරයා එක් සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
-------------
Update - 6.30AM
ලොව විශාලතම ස්වභාවික වායු නිධිය ආශ්‍රිතව පිහිටි ඉරාන බලශක්ති මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 110 දක්වා ඉහළ ගොස් තිබේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පසුගිය අඟහරුවාදා පැවති මිලට වඩා 5% කට වඩා වැඩි වෙමින් ඩොලර් 109.91 ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන් වේ.
-------------------
Update - 6.15AM
කටාර් රාජ්‍යයේ ප්‍රධාන LNG සැකසුම් මධ්‍යස්ථානය පිහිටි රාස් ලෆාන් කලාපයට ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් දැඩි හානි සිදුව ඇති බව කටාර් බලශක්ති සමාගම ප්‍රකාශ කර තිබේ.
මේ අතර, අද (19) අලුයම එල්ල වූ මිසයිල ප්‍රහාර කිහිපයක් මැඩපැවැත්වීමට පියවර ගැනීමෙන් පසු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයද ආරක්ෂිත පියවරක් ලෙස සිය ගෑස් පර්යන්ත වසා දැමීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
