හිටපු ජනපති රනිල්ට සැත්කමක්

හිටපු ජනපති රනිල්ට සැත්කමක්

March 19, 2026   12:27 pm

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශල්‍යකර්මයකට යොමු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. 

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (19) වරාය නගර කොමිෂන් සභා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

එම ශල්‍යකර්මය ඉතා සාර්ථකව අවසන් කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ඔහු කීය.