හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් රුසියාවෙන් ප්‍රකාශයක්
March 18, 2026 09:28 pm
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය යළි ආරම්භ කළ හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් බවට රුසියාව විශ්වාස කරන බව එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක මරියා සකාරෝවා 'Maria Zakharova' පවසයි.
ලෝක වෙළෙඳාමට අතිශය වැදගත් වන මෙම මුහුදු මාර්ගයේ නාවික ගමනාගමන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ.
ඊට හේතු වී ඇත්තේ ඉරානය විසින් නෞකා වෙත එල්ල කරන තර්ජන සහ ප්රහාරයන් ය.
රුසියාව අවධාරණය කරන්නේ පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර නාවික ගමනාගමනයට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර ගැනීමට නම් අදාළ පාර්ශවයන් අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අත්‍යවශ්‍ය වන බවය.
