header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ යන්ත්‍ර අවදානමක - බලාගාර නිලධාරීන්
Mar 05, 202608:34 PM
බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ යන්ත්‍ර අවදානමක - බලාගාර නිලධාරීන්
Mobitel 1278

ප්‍රමිතියෙන් තොර ප්‍රශ්නගත ගල් අඟුරු භාවිතයෙන් නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍රවලට හානිසිදුවිය හැකි බවට එහි නිලධාරීන් අනතුරු අඟවයි.

ඒ පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට හමුවේ ඊයේ (04) පෙනීසිටි අවස්ථාවේදීය.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ආනයනය කෙරුණු ගල්අඟුරු තොග නිසි පිරිවිතරයන්ට නොමැතිවීම සම්බන්ධයෙන් රටතුළ පසුගිය සමයේ දැඩි කතාබහක් නිර්මාණය වුණි.

මතභේදාත්මක ගල්අඟුරු නෞකා නවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විමර්ශනයක් ඇරඹුවේ පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ උපදෙස් අනුවය.

එලෙස සිදුකළ විමර්ශනයේ වාර්තාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට පසුගියදා භාරදී තිබුණි.

ප්‍රශ්නගත අල් අඟුරුවල ශක්තිය හෙවත් කැලරිෆික් අගය නැව්ගත කරන වරායේදී පැවති අගයට සාපේක්ෂව ගොඩබෑම් වරායේ, ලක්විජය බලාගාරයේ සහ විදුලි උත්පාදනයේ කාර්යක්ෂමතාව මත ගණනය කරන පරීක්ෂණවලදී ලැබී ඇති අගයන් පහළ මට්ටම්වල පැවති බව වාර්තාව අනාවරණ කරයි.

නමුත් පෙර සැපයුම්කරුගේ ගල් අඟුරුවල ශක්තිය විදුලි උත්පාදනයේ කාර්යක්ෂමතාව මත ගණනය කිරීමේදී, නැව්ගත කරන වරායේදී පැවති අගයද ඉක්මවූ අගයක් ලැබී ඇති බවද එහි සඳහන්ය.

එමෙන්ම වත්මන් සැපයුම්කරුගේ ගල් අඟුරු භාවිතයෙන් 2026 ජනවාරි තුන්වැනිදා සිට 8 වැනිදා දක්වා දින හයක කාලය තුළ සිදුකළ විදුලි උත්පාදනයේදී පාවෙන අළු විසර්ජනය දෛනිකව මෙටික්ට්‍රොන් 306ත් 616ත් අතර ඉහළ අගයන්වල පැවතී ඇතැයි වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

නමුත් පෙර සැපයුම්කරුගේ ගල්අඟුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය කෙරුණු 2026 ජනවාරි 11වැනිදා සිට 15 වැනිදා දක්වා දින පහක කාලය තුළ පාවෙන අළු විසර්ජනය දෛනිකව වාර්තා වී ඇත්තේ මෙට්‍රික්ටොන් 221ත් 316ත් අතර සාපේක්ෂව පහළ අගයන්වලයි.

ඒ අනුව වත්මන් සැපයුම්කරුගේ ගල් අඟුරු භාවිතයේදී විසර්ජනයවන පාවෙන අළු ප්‍රමාණය පෙර සැපයුම්කරුගේ ගල් අඟුරු වලට සාපේක්ෂව 102%ක වැඩිවීමක් බවද වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

ඒ අතර විමර්ශන වාර්තාව අනාවරණ කරන පරිදි ප්‍රමිතියෙන් අවම ගල්අඟුරු තොග නැව්ගත කිරීම් නවය මගින් සිදුව ඇති සමස්ත මූල්‍ය පාඩුව රුපියල් මිලියන 8,497කි.

MostRead
Mobitel 1278
VideoStories
මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ