
හෝමාගම පොලිස් භාරයේ සිටියදී පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය පහරදීමක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට විශ්වාස කරන නමුත්, ඒ සම්බන්ධයෙන් නිශ්චිතව ප්රකාශ කළ හැක්කේ වෛද්ය වාර්තාවේ කරුණු අනුව බව බස්නාහිර පළාත් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි.
පොලිස් මාධ්ය කොට්ඨාසයේ අද (29) පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මියගිය පුද්ගලයාගේ ඉලඇට තුනක් කැඩී ඇති බවත්, මොළයේ රුධිර වහනයක් සිදුව ඇති බවත් අදාළ වෛද්ය වාර්තාවේ සඳහන් වන බව ද ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා පැවසීය.
එමෙන්ම, මෙතෙක් අනාවරණය වී ඇති තොරතුරු අනුව ඔහුගේ හිසට ද තුවාල සිදුව ඇති බව ඒ මහතා සඳහන් කළේය.
ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ, අදාළ පුද්ගලයා සිරමැදිරියට ගෙන ඒමට පෙර යම් කාලයක් පොලිස් අපරාධ අංශයේ රඳවාගෙන සිට ඇති අතර එම කාලසීමාව තුළදී ඔහුට පහරදීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවය.
කෙසේ වෙතත්, එම පහරදීම පිළිබඳ තොරතුරු මෙතෙක් තහවුරු වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් පවතින බව ද ඒ මහතා සඳහන් කළේය.
මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළඹීම සඳහා වෛද්ය වාර්තාවේ කරුණු ඇතුළු විමර්ශනවල ප්රතිඵල වැදගත් වන බව ද ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත මහතා,
‘’හෝමාගම සිද්ධියේ දී වෛද්ය වාර්තාවේ දැනුම් දීලා තියෙන්නේ ඔහුගේ ඉලඇට තුනක් කැඩිලා තියෙනවා කියලා ඒ වගේම ඔහුගේ මොළේ රුධිරය වහනය වීමක් වෛද්ය වාර්තාවේ සඳහන් වෙනවා.. අපි දැනගෙන තියෙන තොරතුරු අනුව හිස තුවාල වීමක් වෙලා තියෙනවා..
ඔහුගේ මරණයට හේතුව පහරදීමක් කියලා විශ්වාස කරනවා.. නමුත් ඒක හරියටම කියන්නෙ වෙන්නේ වෛද්ය වාර්තාවේ තොරතුරු අනුව.. සිර මැදිරියට දාන්න ප්රථම ඔහු යම්කිසි කාලයක් රඳවාගෙන ඉඳලා තියෙනවා අපරාධ අංශයේ.. ඒ තුළදී පහරදීමක් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.. තාම ස්ථීර නෑ.. ඒ සම්බන්ධයෙන් විමර්ශන කරනවා..''



















































