header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඉරානයේ පාලනය තාවකාලිකව ත්‍රිපුද්ගල මණ්ඩලයකට - මැදපෙරදිග නවතම තත්ත්වයත් මෙතැනින්
Mar 01, 202612:52 AM
ඉරානයේ පාලනය තාවකාලිකව ත්‍රිපුද්ගල මණ්ඩලයකට - මැදපෙරදිග නවතම තත්ත්වයත් මෙතැනින්
Mobitel 1278

UPDATE - 12.47 A.M

අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරාන භූමියට එල්ල කළ දැවැන්ත ප්‍රහාරවලින් සහ ඉන් අනතුරුව ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් පැය කිහිපයකට පසු, එරට අන්තර්ජාල පහසුකම් දැඩි ලෙස සීමා කර ඇති බව වාර්තා වේ.

----------------------------

UPDATE - 11.52 P.M

ඉරාන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන IRNA වාර්තා කරන පරිදි, අමෙරිකාවට සහ බ්‍රිතාන්‍යයට අයත් තෙල් නැව් තුනකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසයි.

---------------------------

UPDATE - 11.38 P.M

අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයෙන් පසු පත්කළ නව නායකයින්ට තමන් සමග සාකච්ඡා පැවැත්වීමට අවශ්‍යව ඇති බවත්, ඊට තමන්ද එකඟ වූ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

-------------------------

UPDATE - 10.14 P.M

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයයෙකුද සිටින බව වාර්තා වේ.

---------------------------

UPDATE - 09.59 P.M

2005 වසරේ සිට 2013 වසර දක්වා ඉරානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහමුද් අහමදිනෙජාඩ් (Mahmoud Ahmadinejad), අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

---------------------------

UPDATE - 09.33 P.M

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා යුදමය තත්ත්වයක් නිර්මාණය වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබේ.

--------------------

UPDATE - 08.57 P.M

ඉරානය ඉලක්ක කර ගනිමින් ආරම්භ කළ හමුදා මෙහෙයුම්වලදී අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු මියගොස් ඇති බව අමෙරිකාව තහවුරු කර තිබේ.

--------------------

UPDATE - 08.38 P.M

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු, පුරප්පාඩු වූ එම ධුරය සඳහා නව නායකයෙකු ඉදිරි දිනක් දෙකක් ඇතුළත තෝරා පත් කර ගනු ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) පවසයි.

--------------

UPDATE - 07.55 P.M

ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය අද (01) නිල වශයෙන් නිවේදනය කර තිබේ.

--------------------

UPDATE - 06.52 P.M

මධ්‍යම ඊශ්‍රායලයේ බෙයිට් ෂෙමේෂ් නගරයේ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන් වෙයි.

තුවාල ලැබූ 23 දෙනෙකු ප්‍රතිකාර ලබන බවද ඉන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවත්, 18 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත් MDA පවසයි.

---------------

UPDATE - 06.29 P.M

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ද ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ කමේනිගේ මාවත "දිගටම පවතිනු ඇති" යනුවෙනි.

---------------

UPDATE - 06.12 P.M

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කිරීමත් සමඟ, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඒ පිළිබඳව දැඩි ප්‍රකාශයක් සිදු කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, අලි කමේනිගේ අභාවය වෙනුවෙන් ලෝකය හෝ ඔස්ට්‍රේලියාව කිසිසේත්ම ශෝක නොවන බවය.

---------------

UPDATE - 06.10 P.M

සයිප්‍රසය ඉලක්කයක් නොවන බව පැහැදිලිව සහ නිසැකවම බිත්‍රාන්‍ය අගමැති කීයර් ස්ටාර්මර් තහවුරු කළ බව සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩවුලයිඩ්ස් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එක්සත් රාජධානියේ හමුදා කඳවුරු පිහිටා ඇති සයිප්‍රසය දෙසට ඉරාන මිසයිල දෙකක් එල්ලකළ බවට එක්සත් රාජධානියේ ආරක්ෂක මූලාශ්‍රවලින් ලැබුණු වාර්තාවලට අනුව බිත්‍රාන්‍ය අගමැති කීයර් ස්ටාර්මර් මෙලෙස පවසා ඇත.

---------------

UPDATE - 05.50 P.M

ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන් පිළිබඳ දළ විශ්ලේෂණයක් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සෙනසුරාදා උදෑසන ඔහුගේ කාර්යාලයේදී ඝාතනයට ලක් විය.

විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී ජෙනරාල් මොහොමඩ් පක්පූර්

ආරක්ෂක උපදේශක අලි ෂම්ඛානි

ආරක්ෂක අමාත්‍ය අසීස් නසීර්සාදේ

---------------

UPDATE - 05.10 P.M

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයෙන් පසුව එම ධුරයේ වගකීම සඳහා නව කවුන්සිල ප්‍රධානියා ලෙස ෂියා මූලධර්මවාදී නායක 67 හැවිරිදි අලිරේසා අරාෆි පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

---------------

UPDATE - 04. 30 P.M

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීම මානව සදාචාරයේ සහ ජාත්‍යන්තර නීතියේ සියලු සම්මතයන් උල්ලංඝනය කරන 'නින්දිත' ඝාතනයක් බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසයි.

---------------

UPDATE - 03. 45 P.M

පළිගැනීම 'නීත්‍යානුකූල' බව ඉරාන ජනාධිපති පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසන්නේ කමේනිගේ ඝාතනය "ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම මුස්ලිම්වරුන්ට, විශේෂයෙන් ෂියාවරුන්ට එරෙහි විවෘත යුද්ධයක්" බවයි.

---------------

UPDATE - 03. 04 P.M

ඉරානයේ ටෙහෙරාන් අගනුවර දැවැන්ත පිපිරීම් සිදුව ඇත.

මීට සුළු මොහොතකට පෙර, නැගෙනහිර සහ වයඹදිග ටෙහෙරානයේ විවිධ ප්‍රදේශවල පිපිරීම් සිදුවී ඇති බවට ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

---------------

UPDATE - 02. 54 P.M ඊශ්‍රායල මාධ්‍යට අනුව ප්‍රහාරවලින් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන් 30 දෙනෙකු මිය ගොස් තිබේ.

---------------

UPDATE - 02. 30 P.M ඕමානයේ මුසන්දම් සිට නාවික සැතපුම් පහක් පමණ දුරින් පලාවූ ධජය සහිත ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නොකෟවකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ඇති අතර 20 දෙනෙකුගෙන් යුත් නෞකාවේ මුළු කාර්ය මණ්ඩලයම ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් සඳහන් වේ.

---------------

UPDATE - 02. 13 P.M ටෙහෙරාන් හී ඉරාන පාලනයට සම්බන්ධ රජයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායලය ආරක්ෂක හමුදා පවසයි.

---------------

UPDATE - 02. 07 P.M ඉරානයට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පා පාකිස්තානයේ විරෝධතාකරුවන් එරට පිහිටි තානාපති කාර්යාලය අසල පැවැත්වූ විරෝධතාවෙන් මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා කර තිබේ.

---------------

UPDATE - 01. 48 P.M අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට සිදුකළ පහරදීම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බවට වාර්තා පළවූ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් සම්බන්ධව ඉරානය නිල වශයෙන් නිවේදනයක් සිදුකර තිබේ.

ඒ අනුව ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් අබ්දොල්රහිම් මවුසාවි, ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ (IRCG) අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් මොහොමඩ් පක්පූර්, ඉරාන ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ෂම්කානි සහ ඉරාන ආරක්ෂක අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරාල් අසීස් නසීර්සාදී යන අය ප්‍රහාරවලින් ජීවිතක්ෂවට පත්ව ඇති බව ඉරානය නිල වශයෙන් නිවේදනය කර ඇත.

---------------

UPDATE - 01. 33 P.M කරච්චි හි ඇමරිකානු කොන්සල් කාර්යාලය අසල ඇති වූ කෝලාහලවලින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව පකිස්ථානයේ ගලවා ගැනීමේ සේවාව පවසා තිබේ.

---------------

UPDATE - 01. 10 P.M ඉරාන ප්‍රහාර හෙලා දකිමින් පාකිස්තානයේ ආරම්භ වී ඇති විරොධතා මධ්‍යයේ විරෝධතාකරුවන් විසින් එරට කරච්චි නුවර අමෙරිකානු තානාපති කාර්යාලයට කඩා වැදීමට උත්සාහ කර තිබේ. විරෝධතාකරුවන් එම තානාපති කාර්යාලයේ ජනෙල් කඩා බිඳ දමා ගිනි තැබීමට උත්සාහ ගන්නා ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

---------------
UPDATE - 12. 45 P.M ඉරාන හමුදා මාණ්ඩලික ප්‍රධානී අබ්දුල්රහිම් මවුසාවි මියගිය බව ඉරාන රූපවාහිනිය තහවුරු කර තිබේ.

---------------

UPDATE - 11. 00 අමෙරිකා එක්සත් ජනපදට සහ ඊශ්‍රායලය සිය රතු රේඛාව ඉක්මවා කටයුතු කර ඇති බැවින් දරුණු ප්‍රහාර එල්ල කීරීමට තමන් සූදානම් බව ඉරාන කථානායකරයා පවසයි.

---------------
UPDATE - 10. 55 ජෝර්දාන ආරක්ෂක පද්ධති අගනුවර අම්මාන් හී ගුවන් කලාපයට මෙන්ම උතුරු ප්‍රදේශවලට එල්ල වූ මිසයිල වළක්වා ගැනීමට සමත් වූ බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

---------------

UPDATE - 10. 50 ඒ ඉරානය විසින් අන් කවරදාකටවත් වඩා තදින් පහර දෙනු ඇති බවට පැවසීමත් සමගය. ට්‍රම්ප් පැවසුවේ ඔවුන් එසේ කළ හොත් කිසිදාක දැක නැති බලවේගයකින් පහරදීමට එක්සත් ජනපදය කටයුතු කරනු ඇති බවය.

---------------

UPDATE - 10. 45 ඉරාන බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 148 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම තවත් 95 දෙනෙකු ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

---------------

UPDATE - 10. 23 අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට බෝම්බ හෙලීමට පළිගැනීමක් ලෙස හයවන ප්‍රහාර රැල්ල ක්‍රියාත්මක කරන බව ඉරාන විප්ලවවාදී බලකාය පවසයි.

---------------

UPDATE - 10. 09 ඉරානයෙන් එල්ල වන මිසයිල ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලය පුරා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් අපේක්ෂා කරන බව ඊශ්‍රායලය මාධ්‍ය වාර්තා කර තිබේ.

---------------

UPDATE - 10. 05 කටාර් අගනුවරට ඉහළ අහසේ පිපිරීම් කිහිපයක් සිදුව ඇතැයි වාර්තාවේ.

---------------

UPDATE - 10. 00 ඩුබායි රාජ්‍යයයේ නව පිපිරීම් කිහිපයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

---------------

UPDATE - 09. 09 ඉරානයේ ජනාධිපතිවරයා, අධිකරණ ප්‍රධානියා සහ ගාඩියන් කවුන්සිලයේ නීතිවේදීන්ගෙන් එක් අයෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල මණ්ඩලයක් රටේ සියලුම නායකත්ව රාජකාරි තාවකාලිකව භාර ගෙන ඇති බව ඉරාන නිල IRNA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
---------------
UPDATE - 09. 00 ටෙහෙරානයට එල්ල වූ ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අල් කමේනිගේ ඉහළම දේශපාලන උපදේශකයෙකු සහ ඉරාන ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වන අලි ෂම්කානි මිය ගොස් ඇති බව ඉරාන නිල IRNA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

ඉරාන විප්ලවවාදී බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරී මොහොමඩ් පක්පූර් ද මියගිය බව එහි සඳහන් වේ.

---------------

UPDATE - 08. 47 අමෙරිකා එක්සත් ජනපදය තුළ විරෝධතාකරුවන් කණ්ඩායම් රැසක් වීදි බැස ඉරාන ප්‍රහාරයට විරෝධතා දැක්වා ඇති බවත් ඇතැමුන් ප්‍රහාරය සහ ඉරාන උත්තරීතර නායකයාගේ ඝාතනය සැමරූ බවත් අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

---------------
UPDATE - 08. 42 ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ඉදිරියේදී අමෙරිකානු කඳවුරු සහ ඊශ්‍රායලයේ ස්ථාන ඉලක්ක කරමින් මාරාන්තික ප්‍රහාරයක් සූදානම් කරමින් සිටින බව වාර්තා කර තිබේ. ඒ අනුව ඉරාන ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ප්‍රහාරාත්මක මෙහෙයුම මෙය බවටද ඔවුන් අනතුරු අඟවා ඇත.

---------------
UPDATE - 08. 20 කිසිදු නෞකාවකට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර නොමැති බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසා තිබේ.

---------------

UPDATE - 07. 58 ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය කමේනිගේ අභාවයට ප්‍රතිචාර දක්වමින් ඔවුන්ට ශ්‍රේෂ්ඨ නායකයෙකු අහිමි වූ බව පවසා තිබේ. එමෙන්ම උත්තරීතර නායකයාගේ ඝාතනයට පළි ගැනීම් ආරම්භ කරන බවටද ඔවුන් දන්වා ඇතැයිද වාර්තා වේ.

---------------

UPDATE - 07. 10 අයතුල්ලා අලි කමේනි ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පළමු වරට අනාවරණය කර තිබේ.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑණා, මුනුපුරාද ජීවිතක්ෂයට පත්වූ බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර කමේනිගේ ඝාතනය හේතුවෙන් එරට දින 40ක මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද තීරණය කර ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.

---------------

UPDATE - 06. 40 ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පැවසුවේ ඉරානයේ එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් 133 දෙනෙකු මිය ගොස් 200 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

---------------

UPDATE - 06. 21 ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය, බෑණා සහ මුණුපුරා ඝාතනයට ලක්ව ඇති බව ඉරාන ප්‍රවෘත්ති මූලාශ සඳහන් කර තිබේ.

මෙය සිදුවන්නේ ට්‍රම්ප් සහ ඊශ්‍රායල නිලධාරීන් කමෙනි ඝාතනය කර ඇති බවට ප්‍රකාශ නිකුත් කිරීමෙන් අනතුරුවය‍.

කෙසේ නමුත් ඉරාන නිලධාරීන් මින් පෙර මෙම ප්‍රකාශ මනෝවිද්‍යාත්මක යුද්ධයක් ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබීය.

---------------

UPDATE - 05. 56 ඉරාන බාලිකා පාසලට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් මියගිය පිරිස තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස 115ක් දක්වා ඉහළ ගොස් ඇත.

---------------

UPDATE - 05. 47 ඩුබායිහි ජෙබෙල් අලි වරායේ ගින්නක් හටගෙන තිබේ. ගින්නෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

---------------

UPDATE - 05. 45 ඉරාකයේ බස්රාහි බෝම්බ පිපිරීමක් සිදුව තිබේ. පිපිරීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව එරට ඒකාබද්ධ මෙහෙයුම් විධානය පවසයි

---------------

UPDATE - 03. 20 අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්වූ බව අමෙරිකානු ජනාධිපති පවසයි.

සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ඉතිහාසයේ වඩාත්ම නපුරු මිනිසාගෙන් කෙනෙකු වූ කමෙයිනි ජීවිතක්ෂයට පත්වූ බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව මෙතෙක් ඉරාන මාධ්‍ය විසින් තහවුරු කර නොමැති අතර ඔවුන් පවසන්නේ ඔහු ජීවත්ව සිටින බවය.

---------------

UPDATE - 03. 10 ඊශ්‍රායලය දෙසට නව මිසයිල රැල්ලක් එල්ල වන බව ඊශ්‍රායල හමුදාව පවසයි.

---------------

UPDATE - 03. 05 එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මේ වන විට හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමක් අමතමින් සිටී. ඉරානයේ උත්තරීතර නායකයා ඝාතනය කර ඇති බවට ඊශ්‍රායල මාධ්‍ය වාර්තා තහවුරු කිරීමට තමාට හැකියාවක් නැති බව ඔහු එහිදී පැවසීය.

---------------
UPDATE - 03. 00 ඊශ්‍රායලයේ ටෙල්අවිව් ප්‍රදේශයට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ. ප්‍රහාරයෙන් එක් අයෙකු බරපතළ තුවාල ලබා ඇතැයිද වාර්තා වේ.

---------------

UPDATE - 02. 55 ඉරාන ප්‍රතිප්‍රහාර හමුවේ කටාර් රාජ්‍යයට මිසයිල ප්‍රහාර 66ක් එල්ල වී ඇති බව කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා තිබේ. මිසයිල කැබලි වැටීමෙන් 8 දෙනෙකු තුවාල ලබා ඇතැයිද ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන් කළ ඔහු පැවසුවේ රට පුරා මිසයිල කැබලි 114ක් කඩා වැටී ඇති බවය.

---------------

UPDATE - 02. 52 මැදපෙරදිග මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් හදිසි රැස්වීමක් කැඳවා ඇතැයිද එය මේ වන විට ආරම්භ වී ඇතැයිද වාර්තා වේ.

---------------

UPDATE - 02. 49 ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ මහජන සම්බන්ධතා ඒකකය පවසන්නේ එක්සත් ජනපද සහ ඊශ්‍රායල ස්ථාන වෙත "පළිගැනීමේ" ප්‍රහාරවල තුන්වන සහ සිව්වන රැල්ල අඛණ්ඩව සිදුවන බවය. ඒ අනුව ඊශ්‍රායලයේ ඉලක්ක්ක රැසකට මෙම ප්‍රහාර එල්ලකරන බව ඉරානය පවසයි.

---------------

UPDATE - 02. 26 දෝහා, ඩුබායි සහ ටෙල් අවිව්හි පිපිරීම් සහ සයිරන් හඬ ඇසෙයි

----------------------

UPDATE - 02. 24 ඉරානයේ ඉහළ පෙළේ නිලධාරීන් 7 දෙනෙකු ඝාතනය කළ බව ඊශ්‍රායලය පවසයි.

ඒ අනුව ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ හිටපු ලේකම් සහ උත්තරීතර නායක කමේනිගේ සමීප උපදේශක අලි ෂම්කානි, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරියෙකු වූ මොහොමඩ් පක්පූර්, ඉරාන ආරක්ෂක අමාත්‍ය අමීර් නසිර්සාදේ ඇතුළු ඉහළ පෙළ් හමුදා නිලධාරීන් 7 දෙනෙකු ඝාතනය කළ බව ඊශ්‍රායලය පවසයි.

---------------
UPDATE - 02. 20 දෝහා නගරය පුරා පිපිරීම් රැසක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව නගරයේ පිපිරීම් 15-20ත් අතර ප්‍රමාණයක් සිදුව ඇතැයිද සඳහන්වේ.

---------------

UPDATE - 01. 50 "සතුරා මානසික යුද්ධයකට යොමු වෙමින් සිටී, සියලු දෙනා දැනුවත් විය යුතුය" යනුවෙන් ඉරාන රාජ්‍ය මාධ්‍ය උත්තරීතර නායකයාගේ කාර්යාලයේ මහජන සම්බන්ධතා ප්‍රධානියා සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරාන උත්තරීතර නායකයාගේ ඝාතනය ගැන පළවන පුවත් සම්බන්ධයෙන් ඔහු මෙම අදහස් පළකර තිබේ.

---------------

UPDATE - 01. 46 ආරක්ෂක පියවරක් ලෙස ජෙරුසලමේ ශුද්ධ ස්ථාන වන්දනාකරුවන්ට වසා දමා ඇති බව ඊශ්‍රායල පොලිසිය පවසයි.

---------------

UPDATE - 01. 43 ඉරානයේ උත්තරීතර නායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බවට පෙනෙන්නට තිබෙන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසීමෙන් පසු, ඔහු අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගොස් ඇති බවට තහවුරු නොකළ වාර්තා කිහිපයක් පළව තිබේ.

ඊශ්‍රායලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ අයතුල්ලා අලි කමේනිගේ සිරුර සොයාගෙන ඇති බවය.

මූලාශ්‍රයක් උපුටා දක්වමින් වාර්තාවක සඳහන් වනුයේ, ටෙහෙරානයේ ඔහුගේ පරිශ්‍රයට එල්ල වූ ප්‍රහාරයෙන් කමේනි මිය ගිය බව එක්සත් ජනපදයේ ඊශ්‍රායල තානාපති යෙචියෙල් ලයිටර් අමෙරිකානු නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි.

---------------

UPDATE - 01. 36 ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය රට පුරා ඉලක්ක වෙත එල්ල කරමින් දිගටම ප්‍රහාර සිදුකරන බැවින් දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

---------------

UPDATE - 01. 33 මැදපෙරදිග පවතින යුද ගැටුම් සමනය කිරීම සඳහා සටන් විරාමයකට මැදිහත් වීමට තමන් සූදානම් බව තුර්කිය පවසයි.

පසුගිය වසරේ මෙන්ම එක්සත් ජනපද - ඉරාන න්‍යෂ්ටික සාකච්ඡාවල නවතම වටය සාකච්ඡා කිරීමට සම්බන්ධ වූ බව සඳහන් කරමින් කලාපයේ සටන් විරාමයකට මැදිහත් වීමට සූදානම් බව තුර්කිය පවසා තිබේ.

---------------

UPDATE - 01. 31 ඉරාන ජනාධිපතිවරයා සහ උත්තරීතර නායකයා ආරක්ෂිතව හා යහපත්ව සිටින බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

---------------

UPDATE - 01. 29 ඉරාන මෙහෙයුම දිගු කාලයක් පැවතිය හැකි බවත් නැතහොත් එය දින දෙක තුනකින් අවසන් විය හැකි බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

---------------

"මට ගොඩක් දුර ගිහින් මුළු දේම භාරගන්න පුළුවන්, නැත්නම් දවස් දෙක තුනකින් ඒක ඉවර කරලා ඉරාන වැසියන්ට කියන්න පුළුවන්: 'ඔබ ඔබේ න්‍යෂ්ටික වැඩසටහන නැවත ගොඩනැගීම ආරම්භ කළහොත් වසර කිහිපයකින් නැවත හමුවෙමු' කියලා," යැයි අමෙරිකානු ජනාධිපතිවරයා පැවසීය.

---------------

UPDATE - 01. 10 ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කමේනි තවදුරටත් නොමැති බවය.

ප්‍රහාර හමුවේ කමේනි මිය යන්නට ඇති බවට බොහෝ සලකුනු ඇති බව ඔහු සිය කෙටි දේශනය අතරතුර පැවසීය.

"මේ කෘෘර පාලකයා තවදුරටත් නොමැති බවට බොහෝ සලකුණු තිබෙනවා. අද උදෑසන අපි අයතුල්ලාගේ පාලනයේ ජ්‍යෙෂ්ට නිලධාරීන්. විප්ලවවාදී ආරක්ෂක අණ දෙන නිලධාරීන්, න්‍යෂ්ටික වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයින් විනාශ කළා. අපි ඉදිරියටත් ක්‍රියා කරනවා. අපි ඉදිරියටත් ත්‍රස්තවාදී පාලනයේ තවත් ඉලක්ක දහස් ගණනකට ප්‍රහාර දෙනවා" යැයි ඊශ්‍රායල අගමැතිවරයා පැවසීය.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය ඉරානය මෙතෙක් තහවුරු කර නොමැත.

---------------

UPDATE - 01. 02 එක්සත් ජනපදයට අවශ්‍ය නම් යුද්ධයකට සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි එක්සත් ජනපදයට අනතුරු අඟවා තිබේ.

අල් ජසීරා සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ පවතින නොසන්සුන්තා මධ්‍යයේ එක්සත් ජනපදය සමග සාකච්ඡා කිරීමට සූදානම් නමුත් තම රට සියලු විකල්ප සඳහා සූදානම් බවය.

එමෙන්ම පසුගිය වසරේ දින 12ක යුද්ධයකට සාපේක්ෂව ඉරානය දැන් විශාල හා පුළුල් මිලිටරි සූදානම් සහිත රටක් බවද ඔහු එහිදී පවසා තිබේ.

---------------

UPDATE - 12. 40 බෙන්ජමින් නෙතන්යාහු විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ ඉරානයේ උත්තරීතර නායක උත්තරීතර නායක අයතුල්ලා කමේනිගේ පරිශ්‍රය විනාශ වී ඇති බවත් විප්ලවවාදි ආරක්ෂක අණඛ දෙන නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික නිලධාරීන් මියගොස් ඇති බවය.

---------------

UPDATE - 12. 30 රෆා ඇතුළු ගාසා තීරයට ඇතුළුවන මාර්ග වසා දැමීමට ඊශ්‍රායලය කටයුතු කර තිබේ.

පලස්තීන ප්‍රදේශවල රජයේ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමේ වගකීම ඇති ඊශ්‍රායලය පවසන්නේ ඉරානයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලින් පසුව ගනු ලැබූ පියවරයන් මගින් නැවත දැනුම්දෙන තුරු ගාසා තීරයට ඇතුළු වන හරස් මාර්ග සහ රෆා මාර්ගය වසා දැමීමට පියවර ගන්නා බවය.

---------------

UPDATE - 12. 25 එක්සත් අරාබි එමීර් රාජ්‍ය පදිංචිකරුවන්ට සහ පුරවැසියන්ට ගෘහස්තව රැඳී සිටින ලෙස ඉල්ලා තිබේ.

---------------

UPDATE - 12. 20 ඉරාන ප්‍රහාරවලින් අවම හානියක් සිදුවූ නමුත් ජීවිත හානි සිදු නොවූ බව අමෙරිකානු හමුදාව පවසයි.

---------------

UPDATE - 12. 15 ඉරානයට එල්ල කරන ලද අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර චිලී රාජ්‍යය හෙළා දකියි.

---------------

UPDATE - 12. 04 යෙමන කැරලිකාර කණ්ඩායමේ නායක අබ්දුල් මලික් අල් හවුති ඉරානයට එල්ල කරන ලද අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර කුරුරු, හෙළා දැක තිබේ. එමෙන්ම අමෙරිකානු කඳවුරුවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඉරානයට අයිතියක් ඇති බවටද ඔවුන් පවසයි.

ඊයේ දිනයේ යාවාත්කාලීන කිරීම් මෙතැනින් - හෝමූස් සමුද්‍ර සන්දිය හරහා ඉන්ධන නෞකා ගමනාගමන කටයුතු අත්හිටුවයි

MostRead
Mobitel 1278
VideoStories
අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ