header logo
SLIC
ක්‍රීඩා
පැතුම්ගේ සුපිරි ශතකයෙන් අලුත් වූ වාර්තා
Feb 17, 202608:59 AM
පැතුම්ගේ සුපිරි ශතකයෙන් අලුත් වූ වාර්තා
EDEX

- මෙවර විස්සයි20 ලෝක කුසලානයේ පළමු ශතකය.

- පැතුම්ගේ විස්සයි20 ඉනිමේ දෙවැනි ශතකය.

- ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලානයකදී ක්‍රීඩකයෙක් නොදැවී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව.

- විස්සයි20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකික පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකය.

- විස්සයි20 ශතක දෙකක් වාර්තා කළ එකම ශ්‍රී ලංකා පිතිකරු.

- විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩකයෙක් රැස්කළ පළමු ශතකය.

Pathum

පැතුම් නිස්සංකගේ සුපිරි ශතකය හමුවේ මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරගවටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) රාත්‍රියේ සමත් වුණි

ඒ මුලික වටයේ ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමත් සමඟය.

B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය තමන් දෙසට පෙරළාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ තීරණය වූයේ පළමුව පන්දු රැකීමටය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගයට එක් වෙනස්කමක් සිදුකරමින් කුසල් ජනිත් පෙරේරා කැඳවා තිබුණේ කමිල් මිෂාර වෙනුවටය.

මේ අතර ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තරගය ආරම්භ වූ පසුවත් පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිවිසුම් දොරටුව අසල තරගය නැරඹීමට ආ ක්‍රීඩාලෝලීන්ගේ දැඩි තදබදයක් හටගත්තේය.

ඔස්ට්‍රේලියා ඉනිම ට්‍රැවිස් හෙඩ් සමඟින් නායක මිචෙල් මාෂ් ඇරඹු අතර ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට පන්දු 51කින් ලකුණු 104ක සබඳතාවක් ගොඩනැගුවේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්ෂකයින්ව මදකට නිහඬ කරමින්ය.

එම සබඳතාව බිඳවැටුණේ ට්‍රැවිස් හෙඩ් ලකුණු 56කට දැවී යාමත් සමඟය.

මිචෙල් මාෂ් ලකුණු 54යි.

ඒ අතර වාරයේදී තරගයේ පන්දු යවමින් සිටි මතීෂ පතිරණ වම්පාදයේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීමට සිදුවුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, මතීෂව අද ස්කෑන් පරික්ෂණයක් සඳහා යොමු කරන බවය.

විටෙක ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 8යි පන්දු 2ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 104ක් ලබා සිටියත් ඔවුන්ගේ කඩුලු 10ම ලකුණු 77ක් තුළ දවාගන්නට ශ්‍රී ලංකා පන්දු බලඇණිය සමත්වුණි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ දුෂාන් හේමන්ත කඩුලු 3ක් දවාගනිද්දී දුෂ්මන්ත චමීර කඩුලු 2ක් දවාගත්තේය.

ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 181කට සීමාවුණි.

ලකුණු 182ක ඉලක්කයක් හඹායාම සඳහා ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේ පැතුම් නිස්සංක සමඟින් කුසල් ජනිත් පෙරේරායි.

කුසල් ජනිත් පෙරේරා එක් ලකුණුකට දැවීගියේය.

කෙසේ වෙතත් දෙවැනි කඩුල්ලට පැතුම් සමඟ පිටියේ එක්වු කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල පන්දු 66කින් ලකුණු 97ක සබඳතාවක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩයමේ ජය මාවත විවර කළේය.

මෙවර තරගාවලියේදී පිට පිට ලබාගත් තුන්වැනි අර්ධ ශතකය රැස්කරගනිමින් කුසල් මෙන්ඩිස් ලකුණු 51ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 20 ට ලකුණු 20ක් රැස්කරගත යුතුව තිබුණි.

ඒ වනවිටත් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකර සිටි පැතුම් නිස්සංක පහසුවෙන් එම ඉලක්කය හඹා ගියේ මෙවර විස්සයි20 ලෝක කුසලානයේ පළමු ශතකය ද වාර්තා කරමිනි.

පැතුම්ගේ සුපිරි ශතකයෙන් අලුත් වුණ වාර්තා

Pathum

පැතුම්ගේ විස්සයි විස්ස ඉනිමේ දෙවැනි ශතකය මෙය වන අතර ඔහුගේ ඉනිම හතරේ පහර 10කින් සහ හයේ පහර 5කින් වර්ණවත් වුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලානයකදී ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර මීට පෙර ලෝක කුසලානයකදී ශතකයක් රැස්කර තිබුණේ මහේල ජයවර්ධන පමණයි.

විස්සයි20 ලෝක කුසලානයකදී ශ්‍රී ලාංකික පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකය වන අතර විස්සයි20 ශතක දෙකක් වාර්තා කළ එකම ශ්‍රී ලංකා පිතිකරු වන්නේ ද පැතුම් නිස්සංකයි.

මේ අතර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩකයෙක් රැස්කළ පළමු ශතකයද මෙය වේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සිය ජයග්‍රාහී කඩයිම පසුකර ගියේය.

ශ්‍රී ලංකාව මෙම හඹාගිය ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ පන්දුවාර 20 තරගයක මව්බිමේදී හඹාගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසටය.

ලෝක කුසලාන තරගාවලියකදී හඹාගිය ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසත් මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණි.

මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ඔස්ට්‍රේලියා කණ්ඩායමක් පරාජයට පත්කරන්නේ වසර 17කට පසුව වීමත් කැපීපෙනෙයි.

තරගයේ වීරයා පැතුම් නිස්සංක.

තරගයේ ජයග්‍රහණයෙන් අනතුරුව නායක දසුන් ශානක පල්ලේකැලේට පැමිණ සිටි ක්‍රීඩාලෝලීන්ට සිය ස්තූතිය ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලද මේ සුපිරි ජයග්‍රහණයෙන් පසු ක්‍රීඩාලෝලීන් සිය සතුට පළකර සිටියේය.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාව සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට නම්, අයර්ලන්තය හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම අද පරාජය විය යුතුයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට