header logo
SLIC
ක්‍රීඩා
ඉන්දු - පාකිස්තාන තරගය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
Feb 15, 202608:32 AM
ඉන්දු - පාකිස්තාන තරගය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
EDEX

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (15) පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු - පකිස්තාන තරගය සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් දන්වා සිටින්නේ එම තරගයේ ආරක්ෂක රාජකාරී සදහා පොලිස් නිලධාරීන් 2,000ක් යොදවා ඇති අතර ක්‍රීඩංගණය අවට රථ වාහන පාලනය සඳහා ද පොලිස් නිලධාරීන් 600ක් පමණ යොදවා ඇති බවය.

එමෙන්ම ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණයට ඇතුළු වීම සඳහා පස්වරු 3.00 සිට සියලු දොරටු විවෘත කර ඇති බව ද එහි සඳහන් වේ.

මෙම තරගය නරඹන්නට පැමිණෙන සියළුම ක්‍රීඩාලෝලීන් විසින් ක්‍රීඩාංගනය තුළට ප්ලාස්ටික් හෝ වීදුරු බෝතල් රැගෙන ඒමෙන් වළකින ලෙසත් පානීය ජල අවශ්‍යතාව සඳහා ක්‍රීඩාංගණය තුළ සියලුම පහසුකම් සලසා ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

කිසිදු අයෙකු බීමත්ව හෝ කලහකාරී ලෙස හෝ අශෝභන ලෙස හැසිරෙන්නේ නම් ඔවුන්ට විරුද්ධව තදින්ම නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවද එහිදී අවධාරණය කර තිබේ.

ඊට අමතරව විශාල ගමන් මලු, හෙල්මට්, ජැකට්, මත්පැන් හා සංගීත භාණ්ඩ කිසිවක් ක්‍රීඩා භූමිය තුළට රැගෙන ඒමෙන් වැළකිය යුතු බවත්, ඩ්‍රෝන උපකරණ, පිහි වැනි උපකරණ, ඉලෙක්ට්‍රොනික් අයිතමයන් ක්‍රීඩා භූමිය තුළට රැගෙන ඒමට අවසර හිමි නොවන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කෙත්තාරාම මාවත හංදියෙන් සහ විල්සන් පෙරේරා මාවතෙන් බ්‍රිට්‍රෝබබා පුල්ලේ හංදියෙන් කිසිදු වාහනයකට ඇතුළත් විය නොහැකි අතර ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නිකුත් කරපු අවසර පත්‍රයක් මත ඇතුල් වීමට අවසර හිමිව ඇත.

එමෙන්ම මහජනතාවගේ පහසුව සදහා රථ ගාල් කිහිපයක් හඳුන්වා දී තිබේ.

එනම් ක්‍රිඩාංගණ භූමිය රථගාල, සතොස රථගාල, සෙබෙස්තියන් ඇළ පාර රථගාල, මැටිපාර්ක් රථගාල, කෝවිල පාර රථගාල හා ඇපල්වත්ත රථගාල මෙන්ම අඩි 100 මාර්ගයේ දෙපස මෙලෙස රථගාල් ලෙස භාවිතා කළ හැකි බව වැඩිදුරටත් දැනුම් දී ඇත.

මෙහිදී වින්සන්ට් පෙරේරා මාවත, ග්‍රෑන්ඩ්පාස් පාර, බ්‍රිටෝබබා පුල්ලේ මාර්ගය, සෙබස්තියන් ඇල පාර මැල්වත්ත පාලම අසලින් ක්‍රීඩංගනය දෙසට ඇතුළු වීම, අඩි 100 පාර, පන්සල පාර හන්දියෙන් ක්‍රීඩාංගනය දෙසට ඇතුළු වීම, මාළිගාවත්ත පටුමග, ක්‍රීඩාංගනය අසලින් අතුරු මාර්ගයෙන් ක්‍රීඩාංගනය දෙසට ඇතුළු වීම, සද්ධර්ම මාවතපන්සල් පාර (ඛෙත්තාරාම පාර) හන්දියෙන් පන්සල පාරට ඇතුළු මාර්ගයන්වලින් රථවාහන ගමනාගමනය සීමා කර තිබේ.

2026.02.15 පැය 0430 2026 T 20 ලෝක කුසලාන ක්_රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය by poornima

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට