header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සාමකාමී එකමුතුව අප රටේ සදාකාලික සම්පතයි - විපක්ෂ නායක
Feb 15, 202607:00 AM
සාමකාමී එකමුතුව අප රටේ සදාකාලික සම්පතයි - විපක්ෂ නායක
Mobitel 1278

අන්‍යෝන්‍ය ගෞරවය, ආගමික සහජීවනය, සහ සාමකාමී එකමුතුව රටේ සදාකාලික සම්පත බව සිහිපත් කරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනුයේ රටක් ලෙස මුහුණ දෙන ආර්ථික, සමාජීය අභියෝග මධ්‍යයේ මහ ශිව රාත්‍රී දිනය අලුත් බලාපොරොත්තු රැසක් ගෙන එනු ලබන බවය.

අඳුර පළවා හැර ආලෝකය උදා වන්නා සේ රටක් ලෙස මුහුණ දෙන අභියෝග මැදින් ශක්තිමත් අනාගතයක් ගොඩනගා ගත හැකි බව විශ්වාස කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන්ව තිබේ.

විපක්ෂ නායකවරයාගේ සම්පූර්ණ සුබ පැතුම් පණිවිඩය පහතින්,

මහ ශිව රාත්‍රී දිනය නිමිති කර ගෙන ශ්‍රී ලංකාවේ හා ලෝකය පුරා වෙසෙන සියලු ම සහෝදර හින්දු බැතිමතුන්ට සුබ පැතුම් පණිවිඩයක් එක් කිරීමට ලැබීම සතුටට කරුණකි.

මහ ශිව රාත්‍රීය යනු අඳුර මැදින් ආලෝකය සොයා යන ආධ්‍යාත්මික ගමනකි. එය පූජාව, භක්තිය සහ සමාධිය තුළින් මනස පිරිසිදු කර ගනිමින් අයුක්තිය, අවිවේකය සහ අහංකාරය මැඩපැවැත්වීමට අපට මඟ පෙන්වන උතුම් රැයක් ලෙස හැඳින්විය හැකිය.

ශිව දෙවියන් නිරූපණය කරන්නේ විනාශය තුළින් නව්‍යතාව උදා කිරීමයි. එබැවින් මහ ශිව රාත්‍රී දිනය අපට මතක් කර දෙන්නේ ජීවිතයේ අභියෝග හමුවේ පසුබට නොවී අලුත් ආරම්භයක් සඳහා ආත්ම විශ්වාසයෙන් යුතුව නැගී සිටිය යුතු බවයි.

මහ ශිව රාත්‍රී දිනය සත්‍යය, සාධාරණත්වය සහ කරුණාව යන අගයන් අපගේ ජීවිතයේ මූලික පදනම බව මතක් කර දේ. අයුක්තියට එරෙහිව සත්‍යය ජයගන්නා බවත්, අවිශ්වාසයට වඩා එකමුතුකම බලවත් බවත්, අඳුරට වඩා ආලෝකය ශක්තිමත් බවත් මෙම උතුම් දිනය අපට පසක් කර දෙයි.

අප රට අද මුහුණ දෙන ආර්ථික, සමාජීය අභියෝග මධ්‍යයේ මහ ශිව රාත්‍රී දිනය අපට අලුත් බලාපොරොත්තු රැසක් ගෙන එනු ලබයි. අඳුර පළවා හැර ආලෝකය උදා වන්නා සේ අප ද රටක් ලෙස මුහුණ දෙන අභියෝග මැදින් ශක්තිමත් අනාගතයක් ගොඩනගා ගත හැකි බව විශ්වාස කළ යුතුය. ඒ සඳහා කැපවිය යුතුය. අන්‍යෝන්‍ය ගෞරවය, ආගමික සහජීවනය, සහ සාමකාමී එකමුතුව අප රටේ සදාකාලික සම්පත බව මතක තබා ගනිමු. එබැවින් අපගේ හදවත්වල දැල්වෙන ආලෝකය රට පුරා විහිදී, සාමය, සමගිය සහ සෞභාග්‍යය පිරි ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට මඟ පෑදේවා කියා මේ ශිව රාත්‍රී දිනය සමරන අද දින අප සැවොම ප්‍රාර්ථනා කරමු.

MostRead
Mobitel 1278
VideoStories
 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

පනත් එපා කියා ජන අරගලය අද වටරවුම වටලයි

පනත් එපා කියා ජන අරගලය අද වටරවුම වටලයි

කළු ජූලිය ගැන පූර්ණ අධ්‍යනයකට විශේෂ කාරක සභාවක්

කළු ජූලිය ගැන පූර්ණ අධ්‍යනයකට විශේෂ කාරක සභාවක්

විපක්ෂයේ විරෝධයෙන් මැතිසබය රත්වෙයි

විපක්ෂයේ විරෝධයෙන් මැතිසබය රත්වෙයි

"ආණ්ඩුව කුමන සුරංගනා කතා කිව්වත් ආර්ථිකය කඩා වැටිලා"

"ආණ්ඩුව කුමන සුරංගනා කතා කිව්වත් ආර්ථිකය කඩා වැටිලා"

චයිනීස් එළවළු මිලත් උඩයයි

චයිනීස් එළවළු මිලත් උඩයයි

බෝතල් ගාස්තුවෙන් අරක්කු මිල නගීහිස් බෝතලයක් රු.160කින් වැඩිවෙයි

බෝතල් ගාස්තුවෙන් අරක්කු මිල නගීහිස් බෝතලයක් රු.160කින් වැඩිවෙයි

මැදපෙරදිග අර්බුදයෙන් ආර්ථිකය අවදානමක ඉන්ධන - ආහාර - කෘෂිකර්මයට දැඩි බලපෑම්

මැදපෙරදිග අර්බුදයෙන් ආර්ථිකය අවදානමක ඉන්ධන - ආහාර - කෘෂිකර්මයට දැඩි බලපෑම්

 පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

 2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්