එංගලන්තයෙන් නේපාලයට ලකුණු 185ක ඉලක්කයක්
February 8, 2026 04:45 pm
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 'C'කාණ්ඩය යටතේ නේපාලයට එරෙහිව පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 184ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව නේපාල කණ්ඩායමට ලකුණු 185ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය.
මෙම තරගය මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
එංගලන්තය හා නේපාලය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඕනෑම ආකෘතියක් යටතේ හමුවන පළමු අවස්ථාව මෙයයි.
