
නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි 2,400ක් සමග සැකකරුවෙකු ගුවන්තොටුපල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 56ක් වූ ඉන්දීය ජාතික පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














































