header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩුකරන්න ජනපති සූදානමින්
යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩුකරන්න ජනපති සූදානමින්
Mobitel 1278

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ සඳහන් සැකකරුවන් රඳවා තබාගැනීමේ කාලය පැය 72 සිට පැය 48 දක්වා අඩු කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

'රටම එකට' ජාතික මෙහෙයුමේ ආගමික සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනාගැනීම සඳහා වෙනත් රටවල භාවිත කරන ක්‍රමවේදයක් වන 'පච්ච' මෙරටට අවශ්‍ය නොවේ නම්, එම විධිවිධානය පනතෙන් ඉවත් කිරීමට ද සූදානම් බවද ඔහු මෙහිදී පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට තමන් ඇතුළු පිරිස දීර්ඝ කාලයක් විරුද්ධ වූ බවත්, එම පනතෙන් පීඩාවට පත්වූ පිරිසක් ලෙස එවැනි නීතියක් සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා යොදාගැනීම අනුමත නොකරන බවත් සඳහන් කළේය.

කෙසේ වෙතත් සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා නීතියක අවශ්‍යතාව පවතින බැවින් ඒ වෙනුවෙන් නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් පැවසීය.

එම පනත සම්බන්ධයෙන් මතුව ඇති විවේචන හා යෝජනා පිළිබඳව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බවත්, ජනතාව මර්දනය කිරීමේ හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් රජයට නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

"ත්‍රස්තවාදය වැළක්වීමේ පනත තමයි අපි දීර්ඝ කාලයක් සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා යොදා ගත්තේ.

පුද්ගලිකව ගත්තොත් අපි දිර්ඝ කාලයක් ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට විරුද්ධ වුණ අය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් බැට කාපු අය. ඒනිසා එවැනි නීතියක් අවශ්‍ය නැති බව පිළිගන්නවා.

අපිට සංවිධාන්තම අපරාධ වැළක්වීම සඳහා නීතියක් අවශ්‍යයයි. දැන් අපි ඒ නීතිය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට විරුද්ධ කණ්ඩායම් දෙකක් ඉන්නවා සංවිධානාත්ම අපරාධකරුවන්ගේ වරප්‍රසාද ආරක්ෂාව ලබන. ඒ කණ්ඩායම් අපි ගන්නනේ නෑ.  

තව කණ්ඩායමක් ඉන්නවා අපේ රටේ මානව හිමිකම් පිළිබඳ කතා කරන. අපි ඒ කණ්ඩායම් එක්කත් සාකච්ඡා කරන්න ලෑස්තියි.

මේකෙන් කිසිසේත්ම ජනතාව මර්ධනය කරන්න, ජනතා අයිතිවාසිකම් උල්ලඝනය කරන්න අවශ්‍යතාවයක් නෑ. අපිට අවශ්‍ය සංවිධානත්මක අපරාධ මැඩ පැවැත්වීමට නීතියක්. ඒ නීතිය හදන එක තමයි අපේ වැඩේ.

දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ පනත තියෙනවා. ඒක සාකච්ඡාවට බඳුන්වෙමින් තියෙනවා. ඒ පනතට විරුද්ධ අධිකරණයට ගියපු අය මූලික වශයෙන් කරුණ තුනක් මතුරකලා තියෙනවා.

එකක් රඳවාගැනීමේ කාලය. මේ පතන ඇතුළේ රඳවාගැනීමේ කාලය පැය 72යි. ඒක වැඩියි කියලා යෝජනාවක් තියෙනවා. අපි ඒක පැය 48 දක්වා  සංශෝධනය කරන්න ලෑස්තියි. අපි සවන්දෙන්න ලෑස්ති.

තව සංවාදයක් තියෙනවා පච්ච. සංවිධානාත්මක කණ්ඩායම් හඳුනාගන්න ක්‍රමවේදයක් ඒක. නමුත් ඒක අපේ රටේ නැතිනම් අපට ඒ නීතිය ඕනේ නෑ. අපි ඒක අයින් කරගන්නත් ලෑස්තියි" යනුවෙන් පැවසීය.

MostRead
Mobitel 1278
VideoStories
 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්