
දෙහිවල, වෙරළ පාර (මැරීන් ඩ්‍රයිව්) ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට අද (09) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.
එම හෝටලය ඉදිරිපිට මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ හෝටල් හිමිකරුගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.


















































