header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයක් මේ ලෝකයට වැඩක් නෑ - අගමැති හරිනි
Dec 14, 202504:54 PM
මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයක් මේ ලෝකයට වැඩක් නෑ - අගමැති හරිනි
Mobitel 1278

ලෝකය තාක්ෂණයෙන් දියුණු වීම ඉතා වැදගත් වුවත් මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයකින් ලොවට කිසිදු ඵලක් නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය පැවසුවේ පසුගිය දින කිහිපයේ මෙරටට අත්විඳින්නට හැකි වූ දිට්වා සුළි කුණාටුවෙන් ඒ බව මනාවට තේරුම් ගැනීමට හැකි වූ බවය.

සංවර්ධනය, තාක්ෂණය ලෙස මොනයම් දෙයක් ගැන කතා කළද, ස්වභාවධර්මය සමග ගැටෙන්නට ගිය විට අප තෙතරම් කුඩාද යන්න අවබෝධකර ගත හැකි බව ඇය පැහැදිලි කළාය.

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයින් ඇගයීමේ බස්නාහිර පළාත් වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල උසස් පෙළ සමත් විශිෂ්ඨයෝ 361 දෙනෙකු ඇගයීමට ලක් කරමින් රුපියල් ලක්ෂය බැගින් දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙහිදී සිදුවූ අතර, මේ සඳහා ජනාධිපති අරමුදල රුපියල් මිලියන 36.1ක් වැය කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

"ජනාධිපති අරමුදලේ කාර්යභාරය ගැන ඔබ කවුරුත් දන්නවා. ජනතාවට අයිති අරමුදල ඔබට තවදුරටත් සමීප කරවීමට අප කටයුතු කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත උසස් පෙළ විශිෂ්ටයන්ට යම් දිරි ගැන්වීමක් ලෙස තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ. ඒ වගේම උසස් පෙළ සෑම විෂය ධාරාවකින්ම ඉහළින්ම ලකුණු ලැබූ සිසුසිසුවියන්ට තමන් කැමති විදේශීය විශ්වවිද්‍යාලයක ඉගෙන ගැනීම වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීමටද තීන්දු කර තිබෙනවා.

මේ සඳහා අයැදුම් කරන ලෙසට ඔබ සියලු දෙනාට මා යෝජනා කර සිටිනවා. අප මානව සම්පත දියුණු කරගෙන රට ඉදිරියට ගෙන යා යුතුයි. ලෝකයේ සංකීර්ණත්වය තේරුම් ගෙන මානව සම්පත බිහි කළ යුතුයි. ඒ මානව සම්පත බිහි කිරීමට රජයක් විදිහට ඕනෑම දෙයක් කිරීමට අප සූදානම්. ඒ වෙනුවෙන් 2026 සිට මේ රටේ අධ්‍යාපන ක්‍රමය පරිවර්තනය කිරීමට අප සැලසුම් කර තිබෙනවා. දැනුම අතින් පමණක් නොව, සෑම අතින්ම දක්ෂ පුරපුරක් අපට අවශ්‍යයි.

විභාග සමත් වීම පමණක් අප අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ නැහැ. අපට අවශ්‍ය මේ රටට, ලෝකයට අවශ්‍ය හොඳ පුරවැසියෙක් බිහි කිරීමයි. ලෝකය තාක්ෂණයෙන් දියුණු වීම ඉතා වැදගත් වුවත් මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයක් මේ ලෝකයට වැඩක් නැහැ. අපිට ළඟඳීම අත්විඳින්නට හැකි වූ දිට්වා සුළි කුණාටුවෙන් ඒ බව හොඳටම තේරුම් ගත්තා. අපි සංවර්ධනය, තාක්ෂණය මේ මොන දෙයක් ගැන කතා කළත්, ස්වභාවධර්මය සමඟ හැප්පෙන්න ගියාම අපි කොතරම් පුංචිද කියන එක තේරුම් ගන්න පුළුවන්.

අපිට මේ සුළි සුළඟ විශාල පාඩමක් උගන්වා තිබෙනවා. මනුෂත්වය ස්වභාවධර්මය අමතක කර සංවර්ධනයක් ගැන හිතන්න බැහැ. ඒ පාඩම අප ඉගෙන ගත යුතුයි. පරිසරයට ආදරය කරන, ස්වභාවධර්මය ආරක්ෂා කරන, නායකත්වයක් තිබෙන, අනෙකා ගැන හැඟීමක් තිබෙන, වගකීමක් භාරගත හැකි මානව සම්පතක් බිහි කිරීම අපිට අවශ්‍යයි.

ඔබට මේ කරන ඇගයීම තුළින් දෙයක් තේරුම්ගත යුතුයි. මේ කරන්නේ ඔබේ, රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්. මෙමඟින් ඔබ අපට වටින බව පෙන්නුම් කරනවා. ඔබ මෙතැනට ඇවිත් තිබෙන්නේ තනිවම නොවෙයි. හොඳ පවුල් පරිසරයක් ඔබට තිබෙනවා. ඔබට හොඳ ගුරුවරුන් මුණගැසෙන්න ඇති. ඔබට අවශ්‍යම තැන්වල හරි මඟ පෙන්වූ නෑදෑයන්, ගුරුවරුන්, මිතුරන් ඉන්න ඇති. ඒ සියලු වරප්‍රසාද සමඟ තමයි ඔබ මෙතැනට ඇවිත් තිබෙන්නේ. සෑම රජයක්ම ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් මැදිහත්වී තිබෙනවා. ඒ මැදිහත්වීම කරන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් බව කිව යුතුයි. ඔබ මෙතැනට ගෙන එන්න විශාල ව්‍යුහයක්, කණ්ඩායමක් මැදිහත් වී තිබෙනවා. එනිසා ඔවුන් වෙනුවෙන් යමක් කිරීමට ඔබට වගකීමක් තිබෙනවා."

MostRead
Mobitel 1278
VideoStories
ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..