හොංකොං නිවාස සංකීර්ණයේ ගින්නේ මරණ ගණන 55ක් දක්වා ඉහළට

හොංකොං නිවාස සංකීර්ණයේ ගින්නේ මරණ ගණන 55ක් දක්වා ඉහළට

November 27, 2025   07:16 pm

හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක ඊයේ (26) හටගත් ගින්නෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 55ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ නමුත් එම නිවාස සංකීර්ණයේ ජීවත් වූ 300කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එමෙන්ම ගින්න මේ වනවිට නිවාදමා ඇති වුවත්, තවමත් ඇතැම් නිවැසියන් ගොඩනැගිලි තුළ සිරවී සිටින බව වාර්තා වේ.

දශක ගණනාවකින් පසු හොංකොංහි ඇති වූ දරුණුතම ගින්න ලෙසින් සැලකෙන මෙම ගිනිගැනීමෙන් පසු ආන්දෝලනාත්මක කතාබහක්ද මේ වනවිට ඇතිව තිබේ.

එනම් ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින මෙම නිවාස සංකීරණයේ කටයුතු සඳහා උණ බම්බු පලංචිය යොදාගෙන තිබීමක්ය.

එයද ගින්න වේගයෙන් පැතිරයාමට හේතුවක් වී තිබේ.

කෙසේ නමුත් ගින්නට නිෂ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වුවත්, මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ අදාළ මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් සමාගමක සේවය කළ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

මෙම ගින්න නිවාදැමීම සඳහා ගිනිනිවන භටයින් 700කට වැඩි පිරිසක් සේවයේ යොදවනු ලැබීය.

නිවාස 2,000කට ආසන්න සංඛ්‍යාවක් ඇති මෙම මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් 4,600ක් පමණ වාසය කළ බව සඳහන්.