දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටෙයි
November 27, 2025 09:01 pm
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයන් නිසා ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීම් වාර්තා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව මහියංගණය, අම්පාර සහ වව්නතිව් ප්‍රදේශවල මෙසේ විදුලිය බිඳ වැටීම් වාර්තා වී ඇත.
