මහවැලි ගඟ ආශ්රිත පහත්බිම් ප්‍රදේශවලට මහා ගංවතුරක්
November 27, 2025 09:38 pm
මහවැලි ගඟ ද්‍රෝණිය ආශ්රිත පහත් බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර තවදුරටත් එම ජලමට්ටම් ඉහළ යනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
එම නිසා එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවන මහ ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් දැනුම් දී ඇත.
එමෙන්ම ගංඟාව දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාවට හැකි ඉක්මනින් ඉන් ඉවත් වීම වඩාත් සුදුසු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
