බහාලුම් 323 ගැන විමර්ශනයක් කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්
November 27, 2025 10:15 am
නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි.
අද (27) උදෑසන පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී කථානායක ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක වන බවය.
අනිවාර්ය භෞතික පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම පිළිබඳව නිවැරදි සෙවීමක් සිදුකර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටින යෝජනාවක් නොවැම්බර් 19 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහාතා විසිනි.
