උඩරට මාර්ගයේ සියලු දුම්රියන් කොළඹ කොටුව හා නානුඔයට සීමා කෙරේ

උඩරට මාර්ගයේ සියලු දුම්රියන් කොළඹ කොටුව හා නානුඔයට සීමා කෙරේ

November 26, 2025   10:54 pm

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන උඩරට මාර්ගයේ ධාවනය වූ සියලූ දුම්රියන් කොළඹ කොටුව-  නානුඔය සහ නානුඔය- කොළඹ කොටුව අතර දක්වා පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව හෙට (27) උදෑසන කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත පොඩි මැණිකේ (පෙ.ව. 5.55), උඩරට මැණිකේ (පෙ.ව. 8.30) සහ පෙ.ව. 9.45ට පිටත්වීමට නියමිත දුම්රියන් දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ.

එමෙන්ම මහනුවරින් බදුල්ල දක්වා ගමන් කරන Kandy Odessey (පෙ.ව. 9.40) දුම්රියද නානුඔය දක්වා පමණක් ධාවනය වේ.

මීට අමතරව උඩරට මැණිකේ (පෙ.ව. 9.20), Kandy Odessey (පෙ.ව.11.00), පොඩි මැණිකේ (ප.ව.12.15) සහ ප.ව. 2.16 යන දුම්රියන් නානුඔයේ සිට ගමන් ආරම්භ කෙරේ.

අයහපත් කාලගුණ තත්ත්වය පහව යනතුරු ඉහත ආකාරයට කටයුතු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.