සයුරෙන් එතෙර
බ්‍රිතාන්‍ය බුද්ධි අංශවලින් එරට ජනතාවට අනතුරු ඇඟවීමක්
November 21, 2025 01:55 pm
බ්‍රිතාන්‍යයේ දේශීය බුද්ධි ඒජන්සිය විසින් එරට නීති සම්පාදකයින්ට සහ විශ්වවිද්‍යාලවලට අනතුරු අඟවා තිබේ.
ඒ, චීනයේ ඔත්තු බැලීමේ උත්සාහයන් සම්බන්ධයෙනි.
ඊට භාවිත කරන ක්‍රමවේද සම්බන්ධයෙන්ද පැහැදිලි කර තිබෙන අතර අන්තර්ජාල සබඳතා හරහා ද එවැනි ක්‍රියාවලි සිදුවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.
චීන ඔත්තුකරුවන් බ්‍රිතාන්‍ය වෘත්තිකයන්ට තොරතුරු ලබාදීමට පොළඹවා ගැනීම සඳහා ව්‍යාජ රැකියා දැන්වීම් නිර්මාණය කරන බවත්, සැකසහිත පළකිරීම් දහස් ගණනක් මාර්ගගත බඳවාගැනීමේ වේදිකාවල තබා ඇති බවත් එහි වැඩිදුරටත් දැක්වෙයි.
