හරක් කටා ඝාතනයට සැලසුම් සකස් කළ බව කියන 'පස්දේවා' රිමාන්ඩ්
November 8, 2025 09:36 pm
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටා ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කළ බව කියන 'පස්දේවා' නැමැත්තා ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
දින 90ක රැඳවුම් නියෝග යටතේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය භාරයේ සිටි පස්දේවා නැමැත්තා ඊයේ දිනයේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත්කර ඇති බව සඳහන් වේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටා ඝාතනය කිරීම සඳහා මහරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට ගිනි අවියක් ලබා දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ යන අයගේ සමීපතමයෙකු බවට ද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
