තුන්කොන් සටනට ලාහෝර් සහ රාවල්පිණ්ඩ් ආරක්ෂාව තර කෙරේ

තුන්කොන් සටනට ලාහෝර් සහ රාවල්පිණ්ඩ් ආරක්ෂාව තර කෙරේ

November 8, 2025   06:32 pm

ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ලාහෝර් සහ රාවල්පිණ්ඩ් හී ආරක්ෂාව තර කර තිබේ.

මේ වෙනුවෙන් පන්ජාබ් ස්වදේශ දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණ ආරක්ෂක විධිවිධාන යොදා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

පූර්ණ ආරක්ෂාවක් සඳහා, ලාහෝර් සහ රාවල්පිණ්ඩ් නගරවල පාකිස්ථාන හමුදා සහ හමුදා ගුවන් සේවා යෙදවීමට එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 245 වැනි වගන්තිය සහ 1959 පාකිස්ථාන රේන්ජර්ස් ආඥා පනත යටතේ හමුදා සහ රේන්ජර්ස් නිලධාරීන් යෙදවීම සිදු කෙරේ.

තුන්කොන් තරඟාවලියේ තරග නොවැම්බර් 11 සිට නොවැම්බර් 27 දක්වා ලාහෝර් සහ රාවල්පිණ්ඩ් හි පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව ආරක්ෂක විධිවිධාන නොවැම්බර් 8 සිට නොවැම්බර් 30 දක්වා ක්‍රියාත්මක කෙරේ.

තරග අතරතුර කණ්ඩායම් රැඳී සිටින සහ ගමන් කරන අවස්ථාවල පූර්ණ ආරක්ෂක පියවර ද  ක්‍රියාත්මක වනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

පන්ජාබ් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් හමුදා සහ රේන්ජර්ස් නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් ෆෙඩරල් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට විධිමත් ලිපියක් ද යවා ඇති අතර කණ්ඩායම් ආරක්ෂාව සහ අනෙකුත් විධිවිධාන නියමිත වේලාවට සම්පූර්ණ කරන ලෙස අදාළ සියලුම ආයතනවලට උපදෙස් දී ඇතැයිද සඳහන් වේ.