මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
April 1, 2026 06:30 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (01) දින 33ක් ගතවී ඇත.
................................
Update - 10.08 AM
ඊශ්‍රායල හමුදාවට අයත් ඩ්‍රෝන යානයකට දකුණු ලෙබනනයේදී මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇත.
-------------------------------
Update - 9.40 AM
පසුගිය මාසය තුළ ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර වාර 800කට වඩා සිදු කර ඇති බව ඊශ්‍රායලය පවසා තිබේ.
මෙම ප්‍රහාර සඳහා විවිධ වර්ගයේ බෝම්බ 16,000ක් පමණ භාවිතා කර ඇති බව සඳහන් වෙයි.
මෙහිදී ඉරාන සොල්දාදුවන් සහ අණදෙන නිලධාරීන් 2,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත්, ඉලක්ක 4,000කට වැඩි ප්‍රමාණයකට පහර දුන් බවත් ඊශ්‍රායලය පවසයි.
ඉරාන බලධාරීන් පවසන පරිදි අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 1,937 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
--------------------------------
Update - 8.45 AM
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ ටෙහෙරාන් නුවර ඖෂධ නිෂ්පාදනාගාරයකට ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඉරාන සෞඛ්‍ය අංශ පවසන පරිදි, ප්‍රහාරයෙන් එම කර්මාන්තශාලාවේ නිෂ්පාදන ඒකක සහ පර්යේෂණ අංශ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන් වෙයි.
-------------------------------
Update - 8.38 AM
කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ තෙල් ප්‍රවාහන නෞකාවකට හඳුනා නොගත් ප්‍රහාරක් එල්ල වී ඇත.
-----------------------------
Update - 8.30 AM
අමෙරිකානු හමුදාව විසින් ඉරානයේ භූගත හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවට විදෙස් වාර්තා පවසයි.
----------------------------
Update - 7.58 AM
අමෙරිකාව සමඟ ඉරානය පණිවිඩ හුවමාරු කරගනිමින් සිටින බවත් යුද්ධයේ අවසානයක් පෙනෙන්නට ඇති බවත් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, යුද්ධය සඳහා වැඩි කාලයක් ලබාගැනීමේ අදහසින් ඉරානය සිදුකරන ව්‍යාජ සාකච්ඡාවන්ට කිසිවිටෙකත් අමෙරිකාව ඉඩනොදෙන බවය.
.................................
Update - 6.30AM
ඉරානය යුද්ධය පරාජයට පත්වෙමින් සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
විදෙස් වාර්තා සඳහන් කළේ ඉරානය ගිවිසුමකට එළැඹෙන ලෙස අයැද සිටින බව ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.
ඉරානයට න්‍යෂ්ටික අවියක් ගොඩනගා ගත නොහැකි බවට සහතික වූ විට අමෙරිකාව යුද්ධය අවසන් කරන බවද ඔහු සඳහන් කරයි.
අමෙරිකාව දෙසතියකින් හෝ සති 3 කින් යුද්ධයෙන් ඉවත්වන බවද ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.
මේ අතර ඉරාන ප්‍රහාරවලට එරෙහිව ආරක්ෂක ක්‍රියාමාර්ග සඳහා තවත් බ්‍රිතාන්‍ය හමුදා සහ එක්සත් රාජධානියේ ගුවන් ආරක්ෂක පද්ධති මැද පෙරදිගට යොදවා ඇත.
මේ අතර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසන්නේ යම් යම් අවශ්‍යතා සපුරාලන තෙක් අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ යුද්ධය අවසන් කිරීමට ඉරානයට අවශ්‍ය නොවන බවය.
අනාගත ආක්‍රමණයක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා "අනිවාර්ය සහතිකයක් " ඇතුළත් විය යුතු බව ඔහු පවසා ඇත.
