ආපදාවක් ඇති වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග ගැන උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්
November 8, 2025 07:15 pm
උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර තිබේ.
අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි ආපදාවලින් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් හට මුහුණුදීමට සිදු විය හැකි බාධා වළක්වා ගැනීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
ඒ අනුව විභාග කාල සීමාව තුළ ආපදා අවදානමින් තොර පරිසරයක් නිර්මාණය කර දීම සඳහා ඒ ඒ පාර්ශ්වකාර ආයතන කටයුතු කළ යුතු ආකාරය ඇතුළත් මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.
යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බලපෑමක් එල්ල විය හැකි සිසු දරුවන් හට 117 දුරකථන අංකයට හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදී ඇති 1911 දුරකථන අංකයට දැනුම් දිය හැකි බව සඳහන් වේ.
එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි හදිසි මෙහෙයුම් මැදිරිය තුළ ස්ථාපිත කර ඇති ජාතික විභාග හදිසි මෙහෙයුම් ඒකකයේ විශේෂ ඇමතුම් අංක 113 668 026, 113 668 032, 113 668 087 සහ 113 668 119 යන දුරකථනවලට ද දැනුම්දීමෙන් අවශ්‍ය සම්බන්ධීකරණ සහාය ලබා ගත හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.
