විදුලිසැර වැදී තරුණයෙක් මරුට

විදුලිසැර වැදී තරුණයෙක් මරුට

November 8, 2025   08:43 pm

කැප්පෙටිපොල ප්‍රදේශයේ දී විදුලිසැර වැදීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිවසක් තුළ දී අදාළ පුද්ගලයාට විදුලිසැර වැදී ඇති අතර ඔහු වැලිමඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය. 

මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි කැප්පෙටිපොල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කැප්පෙටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.