මිලියන 662කට අධික වල්ලපට්ටා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

මිලියන 662කට අධික වල්ලපට්ටා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

November 8, 2025   08:36 pm

නීතිවිරෝධීව සන්තකයේ තබා ගෙන සිටි වල්ලාපට්ට තොගයක් සමග පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත දෙණියාය වන සංරක්ෂණ නිලධාරීන් සමග එක්ව මාතර කොටපල ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරුවන් සතුව තිබී වල්ලපට්ටා කිලෝ 110 ග්‍රෑම් 450ක් ද නිලධාරීන් භාරයට ගෙන ඇති අතර එම තොගයේ වටිනාකම රුපියල් මිලියන 662කට අධික බවත් යුද හමුදාව පැවසීය.