
කොටහේන ප්‍රදේශයේ දී ඊයේ (07) සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, අපරාධ කල්ලි සාමාජික බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් "පූකුඩු කන්නා" නැමැත්තාගේ ගෝලයෙකු බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
කොටහේන 16 වැනි පටුමගේදී ඊයේ රාත්‍රීයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
පොලීසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්ය.
වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බව පොලීසිය පැවසීය.

















































