කේරළ ගංජා තොගයක් සමග  දෙදෙනෙක් නාවික හමුදා භාරයට

කේරළ ගංජා තොගයක් සමග දෙදෙනෙක් නාවික හමුදා භාරයට

October 31, 2025   05:37 pm

යාපනය ඩෙෆ්ට් මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

එහි තිබී කේරළ ගංජා කිලෝ 185 ග්‍රෑම් 600ක පමණ තොගයක් නාවික හමුදාව විසින් සොයා ගෙන ඇත.

'රටම එකට' ජාතික මෙහෙයුම සහ මතින් තොර රටක් - නිරෝගී පුරවැසි දිවියක යන දැක්මට සමගාමීව මෙම මෙහෙයුම දියත් කර තිබේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 ක් සහ 30ක් වන යාපනය මණ්ඩතිව් ප්‍රදේශයේ පදිංචිකරුන් වේ.

එම සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙෆ්ට් පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර ඇත.

එමෙන්ම මෙම මෙහෙයුම මඟින් නාවික හමුදාව සිය භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 41කට අධික බව ද සඳහන් වේ.