header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්
Oct 14, 202504:47 PM
රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්
Mobitel 1278

රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (14) පෙරවරුවේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවති රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

2025 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික්කය තුළ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් මෙම මූල්‍ය වර්ෂයට වෙන් කළ ප්‍රතිපාදන නැවත භාණ්ඩාගාරයට හරවා නොයැවීමට වගබලා ගන්නා ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, එයින් අවශ්‍ය සංවර්ධනය සිදු නොවන අතරම, මුදල් නාස්තියක්ද සිදුවන බවත්, එකම ව්‍යාපෘතිය වෙනුවෙන් නැවත නැවත මුදල් වෙන් කිරිමට සිදු වීමෙන් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට නොහැකි තත්වයක් උද්ගත වන බවත් පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේදී රජයේ ව්‍යාපෘති ලෙස ඉදිකිරීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇතත්, එහි ශක්‍යතාව සහ නඩත්තුව සම්බන්ධයෙන් නිසි ඇගයුමක් සිදු නොකිරීම නිසා, එමගින් රජයට අමතර වැය බරක් එකතු වී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

එලෙස, ඉදිකර තිබෙන හම්බන්තොට සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය, අනුරාධපුර ශ්‍රවණාගාරය වැනි ගොඩනැගිලි ගණනාවක නඩත්තුව දරා ගත නොහැකි වීම නිසා ඒවා භාර ගැනීමට ආයතනයක් නොමැති තත්ත්වයට පත්ව ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම, රජයෙන් ඉදිකරන ලද සංචාරක බංගලා, තානායම්, පොදු වෙළෙඳ සංකීර්ණ වැනි ගොඩනැගිලි පාළු අඳුරු ස්ථාන බවට පත්ව ඇති බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා, එවැනි ආයතන පෞද්ගලික අංශයේ කළමනාකාරීත්වය යටතේ පවත්වාගෙන යාම වර්තමානයට වඩාත් ගැළපෙන ක්‍රමවේදය බවද පැවසීය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර සහ නායයාම් උවදුර සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, එහිදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය පෙන්වා දුන්නේ, රත්නපුර දිස්ත්‍රික්කය තුළ අවදානම් සහිත ප්‍රදේශවල පවුල් 15,000ක් පමණ ජීවත් වන අතර, අධි-අවදානම් කලාපවල පමණක් පවුල් 2763ක් ජීවත්වන බවයි.

රත්නපුරට බලපාන ජලගැලීම් පාලනය සඳහා Dry Dam ව්‍යාපෘතියක් කළු ගඟේ අතු ගංගා දෙකක් යොදා ගනිමින් සිදු කිරීමට යෝජනා කර ඇතත්, ඒ සඳහා වන ශක්‍යතා අධ්‍යයනය 2014න් පසු සිදු කර නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

ඒ අනුව, රත්නපුර ගංවතුර උවදුර වැළැක්වීම සඳහා වඩාත් සුදුසු ව්‍යාපෘතියක් පිළිබඳව ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීමට අවශ්‍ය මුදල් ලබන අයවැයෙන් වෙන් කර දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී එකඟතාව පළ කළේය.

රත්නපුර දිස්ත්‍රික්කය තුළ කාන්තා සහ ළමා අපරාධ රැසක් පසුගිය සමයේ වාර්තා වී ඇති අතර ඊට අදාළව ගෙන ඇති පියවරද ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටියේය. එහිදි පොලීසිය පෙන්වා දුන්නේ එම අනාරක්ෂිත දරුවන් හඳුනාගෙන ඔවුන් අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින් සමග ඒකාබද්ධව මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි.

එමෙන්ම, රත්නපුර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය උවදුර පාලනයට ගෙන ඇති පියවරද ජනාධිපතිවරයා මෙහිදී විමසූ අතර, ඊට අදාළ මෙහෙයුම් දෛනිකව සිදු කරමින් යම් පාලනයක් සිදු කිරීමට මේ වන විට හැකියාව ලැබී තිබෙන බව පොලීසිය මෙහිදී පෙන්වා දුන්නේය.

දිස්ත්‍රික්කයේ පතල් කර්මාන්තය ආශ්‍රිත ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර, මැණික් ගල්වල අගය එකතු කිරීමේ රසායනාගාරයක් සහිත වෙළෙඳ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳවද සාකච්ඡා විය.

දැනට ඌණ උපයෝජනයක් සහිත ඉතා ඉහළ වාණිජ වටිනාකමින් යුත් රත්නපුර නගරය ආසන්නයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් ඵලදායී ව්‍යාපෘති සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.

MostRead
Mobitel 1278
VideoStories
 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

පනත් එපා කියා ජන අරගලය අද වටරවුම වටලයි

පනත් එපා කියා ජන අරගලය අද වටරවුම වටලයි

කළු ජූලිය ගැන පූර්ණ අධ්‍යනයකට විශේෂ කාරක සභාවක්

කළු ජූලිය ගැන පූර්ණ අධ්‍යනයකට විශේෂ කාරක සභාවක්

විපක්ෂයේ විරෝධයෙන් මැතිසබය රත්වෙයි

විපක්ෂයේ විරෝධයෙන් මැතිසබය රත්වෙයි

"ආණ්ඩුව කුමන සුරංගනා කතා කිව්වත් ආර්ථිකය කඩා වැටිලා"

"ආණ්ඩුව කුමන සුරංගනා කතා කිව්වත් ආර්ථිකය කඩා වැටිලා"

චයිනීස් එළවළු මිලත් උඩයයි

චයිනීස් එළවළු මිලත් උඩයයි

බෝතල් ගාස්තුවෙන් අරක්කු මිල නගීහිස් බෝතලයක් රු.160කින් වැඩිවෙයි

බෝතල් ගාස්තුවෙන් අරක්කු මිල නගීහිස් බෝතලයක් රු.160කින් වැඩිවෙයි

මැදපෙරදිග අර්බුදයෙන් ආර්ථිකය අවදානමක ඉන්ධන - ආහාර - කෘෂිකර්මයට දැඩි බලපෑම්

මැදපෙරදිග අර්බුදයෙන් ආර්ථිකය අවදානමක ඉන්ධන - ආහාර - කෘෂිකර්මයට දැඩි බලපෑම්

 පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

 2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්