ඇෆ්ගනිස්තානයේ බාග්‍රම් ගුවන් කඳවුර ට්‍රම්ප් යළි ඉල්ලයි
September 21, 2025 02:41 pm
බාග්‍රම් ගුවන් කඳවුරේ පාලනය යළි අමෙරිකාව වෙත ලබාදීමට ඇෆ්ගනිස්තානය කටයුතු නොකරන්නේ නම් අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණු දීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇෆ්ගනිස්තානයට අනතුරු අඟවා තිබේ.
2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අමෙරිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඇෆ්ගනිස්තානයේ රැඳි සිටි අමෙරිකානු සෙබලුන් භාවිත කළ මෙම කඳවුර, 2021 වසරේ එම සෙබලුන් ඉවත්ව යාමෙන් පසුව තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කරගෙන සිටී.
මේ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තාන පාර්ශ්වය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ට්‍රම්ප් වැඩිදුරටත් පැවසුවේය.