කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ රිමාන්ඩ්
August 25, 2025 06:13 pm
නිධන් හෑරීමට අනුබලදීමේ චෝදනාවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතා සැප්තැම්බර් පළමු වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
ඒ අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
පසුගියදා ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක සිය බිරිඳ ඇතුළු පිරිසක් නිදන් හෑරීමේ සිද්ධියට අදාළව අද (25) පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ රත්‍රං දේවාලය අසල නිධන් හාරමින් සිටි කාන්තාවක් ඇතුළු අට දෙනෙක් අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගනුලැබුවේ අගෝස්තු 15 වෙනි දාය.
අදාළ පිරිස බදුල්ල, මාලිගාතැන්න, පදවි ශ්‍රීපුර, ගිරාඳුරුකෝට්ටේ, වරකාපොළ හා අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.
ඒ අතර කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳක්ද සිටින බව අනාවරණ වුණි.
සිය නිවසට ආරක්ෂාවක් කරගැනීම සඳහා තමන් මෙම ස්ථානයට පැමිණි බව ඇය ප්‍රකාශ කර තිබුණි.
සැකකරුවන් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (26) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
එවන් පසුබිමක සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව පසුවන අදාළ කාන්තාවගේ සැමියා වන කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණි.