ඩුබායි සුද්දාගේ ගෝලයකු අත්අඩංගුවට

ඩුබායි සුද්දාගේ ගෝලයකු අත්අඩංගුවට

August 3, 2025   11:23 am

ප්‍රසාද් චතුරංග කෝදාගොඩ නොහොත් ඩුබායි සුද්දාගේ සමීපතම ගෝලයකු පානදුර කොට්ඨාෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 4,665ක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

සොරා ගත් තීරෝද රථ දෙකක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක දී හෙළි වූ තොරතුරු අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එමෙන්ම පොලීසිය සැක පල කරන්නේ අදාල සැකකරු, ඩුබායි සුද්දා විසින් whatsapp හරහා ඊසිකෑෂ් ක්‍රමය යටතේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාලය හා සම්බන්ධ පුද්ගලයෙකු වන බවය.