SLC T20 ලීගයේ සංචිත ප්‍රකාෂ කෙරේ
August 3, 2025 05:11 pm
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගය අදාළ ක්‍රීඩක සංචිත අද (3) නිවේදනය කළේය.
නිල්, කොළ සහ අළු ලෙස කණ්ඩායම් තුනක සහභාගිත්වයෙන් පැවැත්වෙන එම තරගාවලියේ අළු කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා නිත්‍ය එක්දින හා විස්සයි20 නායක චරිත් අසලංකට හිමිව ඇත.
ඊට අමතරව නිල් කණ්ඩායමේ නායකත්වයට යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ද, කොළ කණ්ඩායමේ නායකත්වයට කමිඳු මෙන්ඩිස් ද නම්කර තිබේ.
මෙම තරගාවලිය එළැඹෙන 7වනදා ආරම්භ වන අතර, අවසන් මහා තරගය අගෝස්තු 16 වනදා පැවැත්වීමට නියමිතය.
මෙහි සියලුම තරග කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මූලික වටයේ තරයේදී සෑම කණ්ඩායමකටම තරග 4 බැගින් ක්‍රීඩාකිරීමට අවස්ථාව හිමිවන අතර, එහිදී වැඩිම ප්‍රසාද ලකුණු හිමිකරගන්නා කණ්ඩායම් දෙකට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවේ.
අගෝස්තු 29වනදා ඇරඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය ඉලක්ක කර මෙය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා ඇත.
Media Release - SLCM202571 - SLC T20 League Squads by poornima on Scribd