වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට

වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට

August 3, 2025   04:05 pm

හම්බන්තොට සිනුක්කුගල ප්‍රදේශයේ දී වනඅලියෙකුගේ ප්‍රහාරයට ලක්ව කුඩා දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පාසලේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 07ක දියණියෙකි.

එමෙන්ම ඇයගේ පියාද වනඅලියාගේ පහර කෑම හේතුවෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර ඇත.

තම පියා සමඟ අද (03) උදැසන 6.00ට පමණ හේනට ගොස් සිටින අතරතුර මෙම වනඅලි ප්‍රහාරයට ලක්ව තිබේ.

පාසල් නිවාඩු දිනයක් බැවින් මෙම දියණිය, සිය පියා සමඟ වගා කටයුතුවල නියැලෙමින් සිටින අතරතුර හේනට පැමිණි වන අලියෙකු විසින් දෙදෙනාටම පහර දී ඇති බව සඳහන් වේ.