නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද

July 24, 2025   06:46 am

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (24) පැවැත්වීමට නියමිතව තිබේ.

විවාදය අද පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පසුගිය 22 වන දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් යෝජනා වී තිබුණි.

ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද දිනයේ පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබු අතර එම පනත් කෙටුම්පත සම්බන්ධ තාක්ෂණික කාරණා හේතුවෙන් එය ඉදිරි දිනකදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වී ඇත.