වීනස් විලියම්ස්ගෙන් වාර්තාවක්

වීනස් විලියම්ස්ගෙන් වාර්තාවක්

July 23, 2025   08:20 pm

ජාත්‍යන්තර මට්ටමේ ටෙනිස් තරගයක් ජයග්‍රහණය කළ ලොව දෙවන වයස්ගතම ක්‍රීඩිකාව බවට අමෙරිකාවේ වීනස් විලියම්ස් සමත් වූවාය.

වොෂින්ටන් විවෘත ටෙනිස් තරගාවලියේ ඊයේ (22) පැවති තරගයක් ජයග්‍රහණය කරමින් ඇය මෙම සුවිශේෂී සන්ධිස්ථානය පසු කළාය.

මේ වනවිට 45 හැවිරිදි වියේ පසුවන වීනස් මෙහිදී පරාජය කරනු ලැබුවේ ඇයට වඩා අවුරුදු 22ක් බාල ක්‍රීඩිකාවක වන අමෙරිකාවේම පීටන් ස්ටියර්න්ස්ය.

ඇය 6-3 සහ 6-4ක් ලෙස විලියම්ස් හමුවේ පරාජය වූවාය.

වීනස් විලියම්ස් මේ වනවිට ලෝක කාන්තා ශ්‍රේණිගත කිරීම්හි පළමු දහස අතර හෝ නොමැති අතර, 2024 වසරේ මාර්තු මාසයෙන් පසු කිසිදු ජාත්‍යන්තර තරගයක් හෝ ක්‍රීඩාකරන නොමැත.

එම කාලසීමාවේදී ද ඇය ලෝක ශ්‍රේණිගත කිරීම්හි 970 පසුවූවාය.

කෙසේ නමුත් විලියම්ස් විසින් පරාජය කළ 23 හැවිරිදි ස්ටියර්න්ස් මේ වනවිට ශ්‍රේණිගත කිරීම්හි 35වන ස්ථානයේ පසුවේ.

ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා 7කට හිමිකම් කියන වීනස්, මෙම තරගාවලියට ප්‍රවේශය ලබාගත්තේ ද 'වයිල්ඩ්කාඩ්' හරහාය.

වීනස් විලියම්ස්ගේ බාල සහෝදරිය ලොව හිටපු අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා වන අතර, ඔවුන් දෙදෙනා ග්‍රෑන්ඩ් ස්ලෑම් යුගල ශූරතා 14ක් ජයග්‍රහණය කර තිබේ.

වීනස් හමුවේ පරාජය වූ ස්ටියර්න්ස් 2001 වසරේ උපත ලැබූ ක්‍රීඩිකාවක වන අතර, ඇය ඉපදෙන විට සෙරීනා ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4ක් ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයක්ය.

ලෝක මට්ටමේ ටෙනිස් තරගාවලියක් ජයග්‍රහණය කළ වයස්ගත ක්‍රීඩිකාව චෙක් රාජ්‍යයේ මාර්ටිනා නව්‍රතිලෝවාය.

ඇය විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ 2004 වසරේ පැවැති තරගයක් ජයග්‍රහණය කිරීම ඇගේ වාර්තා වන අතර, ඒ වනවිට ඇය වයස අවුරුදු 47 පසුවිය.