දේශබන්දු ගැන විවාදය අගෝස්තු 5

දේශබන්දු ගැන විවාදය අගෝස්තු 5

July 24, 2025   05:28 pm

ධුරයේ රාජකාරී කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය අගෝස්තු 5 වනදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව අද (24) නිවේදනය කළේය.

2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව මෙම යෝජනා සම්මත විවාදය පැවැත්වේ.