රු මි 31ක් වටින කුෂ් තොගයක් සමග අයෙක් ගුවන්තොටේ දී මාට්ටු

රු මි 31ක් වටින කුෂ් තොගයක් සමග අයෙක් ගුවන්තොටේ දී මාට්ටු

July 16, 2025   01:59 pm

බැංකොක් සිට ඉන්දියාව හරහා මෙරටට රැගෙන විත් තිබූ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටුපොළ රේගුව විසින් සිය භාරයට ගෙන තිබේ.

රුපියල් මිලියන 31ක වටිනාකමින් යුත් කුෂ් කිලෝ 3යි ග්‍රෑම් 117ක් එලෙස සොයාගත් බව රේගු නිලධාරීන් පැවසීය.

මෙම කුෂ් තොගය මෙරටට රැගෙන විත් ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි එළවළු වෙළෙන්දෙකි. 

අදාළ පුද්ගලයා කූඩ 20ක් තුළ ඉතා සූක්ෂම ලෙස අසුරා මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන විත් ඇති අතර, අත්අඩංගුවට පත් ගුවන් මගියා සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.